mediahumanrights.lk
Local NewsNews

CID ලොක්‌කන් 4 කට එරෙහිව IP ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

නීතිපති හා පොලිස්‌පති ඇතුළුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් සිවුදෙනා වගඋත්තරකරුවන් කරමින් රහස්‌ පොලිසියේ සේවය කරන පොලිස්‌ පරීක්‌ෂකවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනුකර තිබේ.
අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන පොලිස්‌ පරීක්‌ෂක ඉන්දුක ද සිල්වා මහතා විසින් අදාළ නිලධාරීන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව සඳහන් කරමින් මෙම පෙත්සම ගොනුකර ඇති අතර ලබන 18 වැනිදා එය විමසා බැලීමට නියමිතය.
කිළිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි පාලිත සිරිවර්ධන මහතා නිධන් කොල්ලයකට සම්බන්ධ බව පවසා ඔහු අත්අඩංගුවට නොගත්තේ යෑයි චෝදනා කරමින් පෙත්සම්කාර පොලිස්‌ පරීක්‌ෂක ඉන්දුක ද සිල්වා මහතා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියක්‌ මුල්කර ගනිමින් ඔහු මෙම මූලික අයිතිවාසිකම් නඩුව ගොනුකර තිබේ.
නීතිපති, පොලිස්‌පති පූජිත් ජයසුන්දර, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවි සෙනෙවිරත්න, නියෝජ්‍ය පොලිස්‌පති සුදත් නාගහමුල්ල, අධ්‍යක්‌ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර හා සහකාර පොලිස්‌ අධිකාරි තිසේරා යන නිලධාරීන් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Shiran Viraj

අමුතු සතෙක් සමාජ ජාල කලඹයි – Photos

Shiran Viraj

නාවින්න රජමහා විහාරයේ සීමා මාලකය සහ ධාතු මන්දිරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

Shiran Viraj
Translate »