32.2 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ඕනෑම වේලාවක අර්ජුන් අත්අඩංගුවට ගන්න පුළුවන්' – නීතිපති

සිංගප්පූරුවේ සිටින හිටපු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඕනෑම මොහොතකදී අත්අඩංගුවට ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ඇතැයි නීතිපති ජයන්ත ජයසූරිය මහතා පැවසු බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කර තිබේ.
අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලාංකික පුරවැසියකු නොවුවද, සිංගප්පූරු ජාතිකයකු ලෙස සිටියද ඔහුව අත්අඩංගුවට ගැනීමට වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවත්නා නීති රාමුව ප්‍රමාණවත් බවද එම නීතියට අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවද නීතිපතිවරයා පවසයි.
විදේශීය සංචාරකයකු ශ්‍රී ලාංකික නොවන පුද්ගලයකු මෙරට තුළ අපරාධයක් කළහොත්, ශ්‍රී ලංකාවේ නීතියට පටහැනිව කටයුතු කළහොත් ඔහු හෝ ඇය අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇති බවද ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයාට අදාළව ශ්‍රී ලංකා නීතිය හැරදැමිය නොහැකි බවද ඔහු පෙන්වා දෙයි.
නීතිපති දෙපාර්තමේන්තුව විමර්ශනයක :
පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එවන ලද බැඳුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශන කොමිසමේ වාර්තාව ලැබීමෙන් පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් වෙත භාරදී ඇති බවද ඔවුන් එය විමර්ශනයෙන් අනතුරුව සිවිල් හා අපරාධ අංශ වෙත ලබාදීමට නියමිතව ඇති බවද ඉන් අනතුරුව හිටපු මහ බැංකු අධිපතිවරයාට සහ ඔහුගේ බෑනාට එරෙහිව කුමන ආකාරයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේද යන්න පිළිබඳව විමසා බලන බවද නීතිපතිවරයා පවසා සිටියි.
සියලු කරුණු සහ සාක්ෂි නඩු පැවැරීමට පෙර පරීක්ෂාවට ලක් කිරීමට සිදුවන බැවින් නීතිමය ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට කොපමණ කාලයක් ගතවනවා දැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවද පවසයි.
කෙසේ වුවද නීතිමය ක්‍රියාදාමය ඉක්මනින් ඉටුකිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව දැඩි ලෙස සැලකිල්ලට යොමු කර කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කරයි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දිය යුතුයි..- සජිත්

Shiran Viraj

අවස්ථාවාදීන් එලවන හැටි ජනපති පවසයි

Shiran Viraj

පොලිසියේ අලුත් පොකුරක්- අජිත් රෝහණ : නිලධාරිණියන් 235ක් නිරෝධායනයට

Shiran Viraj
Translate »