30 C
Colombo
2026-09-16
mediahumanrights.lk
NewsPolitical

සරුසාරයි හරි සාරයි දැන් රජයට!

වසර 63 කට පසු රාජ්‍ය ආදායමේ රුපියල් බිලියන 22 අතිරික්තයක් ඇති කර ගැනීමට රජය සමත් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
රජය ආදායම උපයන කිසිදු මාර්ගයක් පෞද්ගලීකරණයට ලක් කොට නොමැති බව අවධාරණය කරන අමාත්‍යවරයා අන්තර් ජාතික මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන ආකාරයට මෙරට ආර්ථිකය වර්ධනය වේගවත් වී ඇති අතර පසුගිය වසරේ ඇතිවූ ස්වභාවික ආපදා හමුවේ පවා වාර්තාකරන ලද මෙම වර්ධන වේගය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රගතිදායක හා වේගවත් වර්ධනයකට මුලපුරා ඇති බව පැහැදිලි වන බවද සඳහන් කරයි.
රු. බිලියන 22 රාජ්‍ය ආදයම් අතිරික්තයක් ලබා තිබියදි රාජ්‍ය ආදායම අහිමි වුවායැයි කරන ප්‍රකාශ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගත් දේශපාලනික කියවීමක් පමණක් බවද එම නිවේදනයේ සඳහන් වේ.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

රුපියල් 5000 නෝට්ටුවක් සමඟ අගමැතිට ආ ලිපිය

Shiran Viraj

එළවළු මිල අහස උසට! කැරට් කිලෝවක් 500 දක්වා

Shiran Viraj

යාපනේට ගංවතුර…

Shiran Viraj
Translate »