mediahumanrights.lk
Local News News

විදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පළ කරන්න පා ගමනක්

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දනගැස්සවිමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (22) දෙමාපියන් පිරිසක් විසින්  විරෝධතා පා ගමනක නිරත විණි.
අද උදෑසන එම විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ  මෙම පා ගමන බදුල්ල නගරය වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මෙහිදී විරෝධතාකරුවන් ආණ්ඩුකාරවරයා වෙත සන්දේශයක් ද භාරදිමට නියමිතව තිබේ.
මේ අතර අදාළ සිද්ධියට විරෝධය පල කරමින් අද සිට දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ජෝෂ්ප් ස්ටාලින් මහතා සඳහන් කළේ එහි පළමු උද්ඝෝෂණය  අද දහවල් අනුරාධපුරයෙන් ආරම්භ කරන බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පාම් තෙල් මාෆියාව ගේමකට සැරසේ; පිරිපහදු නොකළ විෂ පාම් තෙල් නැව් දෙකක් මග එයි

Shiran Viraj

ජනපති පුටින්ගේ පණිවුඩය රැගෙන රුසියානු හමුදා ප‍්‍රධානියා ජනපති ගෝටාභය හමුවේ..

Shiran Viraj

අද දිනයට තහවුරු කර ගත් ආසාදිතයින් ගණන 47ක්-වාර්තා වු තැන් මෙන්න

Shiran Viraj