2026-09-16
mediahumanrights.lk
NewsPolitical

මැතිවරණ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 2 ඇතුළු පුද්ගලයින් 20 ක් අත්අඩංගුවට

අද පෙරවරු 6.00න් අවසන් වු පැය 24 ක කාලය තුළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 11කට සහ මැතිවරණ පැමිණිලි 21කට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඒ අනුව පසුගිය 9 වැනිදා සිට මේ දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 95ක් සහ මැතිවරණ පැමිණිලි  212ක් ලෙස සිද්ධීන් 307ක් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත වාර්තා වී  තිබේ.
එම සිද්ධීන්වලට අදාළව අපේක්ෂකයින් 27 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 258 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලක්ෂ 33ක ග්ලයිෆොසේට් රේගු දැලේ

Shiran Viraj

එකක් සීයයි..! කලක් තිස්සේ පාසල් දරුවන් ඉලක්ක කරගෙන වෙනස් විදියට කරපු බිස්නස් එකක්.

Shiran Viraj

ඇමති ප‍්‍රසන්නට ප‍්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි.. රෝහලේ උණුසුම් තත්වයක්..

Shiran Viraj
Translate »