mediahumanrights.lk
Local News News

දිවුලපිටිය හිටපු OIC CID අත්අඩංගුවට

දිවුලපිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රේමකුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අත්අඩංගුවට ගත් සැකකරුවකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ පොලිස් පරීක්ෂක සුමිත් ප්‍රේමකුමාර ඇතුළු කණ්ඩායමක් විසින් දිවුලපිටිය උණුමුල්ල, කොටලියද්දවත්ත පදිංචිව සිටි ගාමිණී එඩ්වඩ් නමැති අය අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටියදී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වනු ලැබූ විමර්ශනයකට අනුව මෙම නිලධාරියා අත්අඩංගුවට ගත් බවය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

චන්දිමාල්ගේ අවුරුදු උත්සවය ගිනි ගනී.. අවුරුදු කුමර කුමරියන් දිව ගොස් බේරෙති..

Shiran Viraj

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රට අතහැර යයි – හේතුව මෙන්න

Shiran Viraj

පීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – නි. පොලිස්පති අජිත් රෝහණ

Shiran Viraj