mediahumanrights.lk
International NewsNews

පියුමිටයි ඉරාජ්ටයි සමාන වූ කෙසෙල් වීඩියෝවක් කරලියට – කාමුකත්වය වැඩිනිසා රටේම හිට් වුණු නිළිය පොලිස් අත්අඩංගුවට

පසුගියදා නිකුත් වූ ඉරාජ්ගේ දැනුනා කියන මියුසික් වීඩියෝ ගැන බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වුණා.
ඒ එහි කතාවට සහ එහි ඇතුලත් වූ දර්ශන නිසා. මේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වුණේ පියුමි හංසමාලියි.
අපි මේ කියන්න යන්නේ පියුමි වගේ රංගනයෙන් දායක වූ විදේශීය ගායිකාවකට එරට අධිකරණයක් විසින් සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙන සිද්ධියක් ගැනයි.
මේ සිද්ධිය වාර්තා වෙන්නේ ඊජිප්තුවෙන්.
ඇය 25 හැවිරිදි ශයිමා අහමඩ්.
ඊජිප්තු පොලිසිය විසින් ඇයව පසුගිය සෙනසුරාදා දිනයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ මියුසික් වීඩියෝවේ දර්ශන ප්‍රේක්ෂකයින් කාමුකත්වයට පෙළඹවීම යන චෝදනාව මතයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇය සිය නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ සමාව ගෙන තිබෙනවා.
“මම මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ. ඒවගේම මේ මියුසික් වීඩියෝව මෙච්චර අප්‍රසාදයකට ලක්වෙයි කියලාත් හිතුවේ නෑ” යනුවෙන් ඇය ප්‍රකාශ කරලා තියෙනවා.
එහෙත් මේ වෙද්දි ඇයගේ ෆේස්බුක් ගිණුමද අක්‍රිය වී ඇති බවටයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.
මෙහි විශේෂත්වය වන්නේ ඊජිප්තු අධිකරණය විසින් ගිය වසරේදීද කාන්තා නර්තන ශිල්පිණියන් 03 දෙනෙකුට මාස 06 බැගින් සිර දඬුවම් නියම කර තිබීමයි. එයටද හේතුවී ඇත්තේ කාමුකත්වයට පෙළඹවීම යන චෝදනාවයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පිය සෙනෙ­හ­සත් මවු සෙනෙ­හ­සත් අතර දෝල­නය වන

Shiran Viraj

ඇමතිගේ වැඩි ආරක්ෂාව STF ලොක්කගේ තනතුරට තට්ටු කරයි ?

Shiran Viraj

ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්

Shiran Viraj
Translate »