mediahumanrights.lk
Local NewsNews

දුමිරිය පාලනාධිකාරිය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරයි

දුම්රිය රියදුරන්ට සහ දුම්රිය එන්ජින් සහායකවරුන්ට පාලනාධිකාරිය දෙයාකාරයකට සළකන බවට දුම්රිය රියදුරන්ගේ සංගමය යළි චෝදනා එල්ල කරනවා.
එහි ලේකම් ඉන්දික දොඩංගොඩ පැවසුවේ දුම්රිය ධාවනාගාරය තුළ දුම්රිය එන්ජින් සහායකවරයෙකු දුම්රිය එන්ජිමක් පණ ගන්වා ධාවනය කිරීමෙන් ඊට හානි සිදුව ඇති බවයි.
ඊයේ (15) ඇතිවූ මෙම සිද්ධිය පිළිබඳ ඔහු කරුණු දැක්වුවා.
ඔහු කියා සිටියේ එවැනි එහිදී දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් සිදුව ඇති බවයි. නමුත් එම තත්ත්වය සම්බන්ධයෙන් හෝ මෙතෙක් කිසිඳු බලධාරියෙක් පියවරක් ලෙන නොමැති බවද ඔහු සඳහන් කළා.
නෙත් නිවුස් මේ පිළිබඳ දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහගෙන් විමසිමක් කළා.
ඔහු කියා සිටියේ අදාළ සිද්ධිය මාළිගාවත්ත දුම්රිය අංගණය තුළ සිදුවූ සුළු සිද්ධියක් බවයි.
අදාළ දුම්රිය එන්ජිම පීලි පැනීමකට ලක්ව ඇති බවත් එමගින් දුම්රිය එන්ජිමට බරපතල හානියක් සිදුව නොමැති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසුවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොළඹ ප‍්‍රදේශ තුනක් ලොක්ඩවුන්..

Shiran Viraj

වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ…

Shiran Viraj

විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

Shiran Viraj
Translate »