25 C
Colombo
2026-10-07
mediahumanrights.lk
Local NewsNews

ගමනාගමන පහසුකම් නෑ! උතුරේ පාසල් 2018 සිට ආරම්භය උදේ 8.00ට

උතුරු පළාතේ රජයේ සියලුම පාසල් 2018 වර්ෂයේ සිට උදෑසන 8.00 ට ආරම්භ කිරීම කෙරෙහි උතුරු පළාත් සභාවේ අවධානය යොමු වී තිබේ.
 උතුරු පළාත් සභාවේ මෙවර අයවැයෙන් පසුව මන්ත්‍රීවරුන් කීප දෙනෙකුම උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සරවේස්‌වරන් මහතාට පෙන්වා දී ඇත්තේ උතුරු පළාතේ පාසල් උදෑසන 7.30 ට ආරම්භ කිරීම නිසා ගුරුවරුන් හා සිසුන් අනපේක්‌ෂිත කරදර රැසකට මුහුණ දෙන බවයි.
 විශේෂයෙන්ම උතුරු පළාතේ ගම්බද ප්‍රදේශවල සිට නගරයේ පාසල්වලට පැමිණීමට ප්‍රමාණවත් ගමනාගමන පහසුකම් නොමැති බවත්, උදෑසන 7.30 ට පාසල් ආරම්භ වන විට සිසුන්ගෙන් විශාල පිරිසක්‌ උදෑසන ආහාරය නොගෙන පාසලට පැමිණීම නිසා අධ්‍යයන කටයුතු විධිමත්ව කරගෙන යැමට නොහැකි බව ගුරුවරුන් විසින් නිතර නිතර දැනුqම් දීමත් නිසා උතුරේ පාසල් ආරම්භ කිරීම උදෑසන 8.00 දක්‌වා කල් දමන මෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත. මේම ඉල්ලීම ප්‍රධාන අමාත්‍යවරයා වෙත යොමු වූ අවස්‌ථාවේදී ඒ සඳහා පළාත් ආණ්‌ඩුකාරවරයාගෙන්ද අනුමැතිය ලබාගෙන සුදුසු ක්‍රියාමාර්ගයක්‌ ගන්නා මෙන් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට දැනුqම් දී තිබේ. කෙසේ වෙතත් ලබන වර්ෂයේ පාසල් ආරම්භ වීමට පෙර මේ පිළිබඳව තීරණය දැනුම්දෙන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළ උතුරු පළාත් සභාවේ පිරිසට දැනුම් දී තිබේ.
Courtesy : divaina.com

Related posts

විදුලි ගාස්තු වැඩි කරන්නැයි IMF දන්වයි..

Shiran Viraj

ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළට

Shiran Viraj

විදේශ ආයෝජන ව්‍යාපෘති කඩිනමින් අනුමත කිරීමට නව සංශෝධන…

Shiran Viraj
Translate »