29.5 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNews

හම්බන්තොටින් හමුවූ විශාලතම මත් පෙති තොගය

හම්බන්තොට දිස්ත්‍රික්කය තුල මෙතෙක් හමුවූ විශාලතම මත්පෙති තොගය සමග වයස වුරුදු 32 ක තරුණයෙකු සූරියවැව කිරිඉබ්බන් ආර ප්‍රදේශයේදී   අත්අඩංගුවට ගැනීමට  තංගල්ල කොට්ටාශ විෂ මත්ද්‍රවය හා කොට්ටාශ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උ.පො .ප .කුමාර දඩල්ලගේ මහතා මහතා ප්‍රමුඛ   නිලධාරින් කණ්ඩායමක් සමත්වී තිබේ .
ප්‍රදේශයේ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින්  කාලයක් තිස්සේ  මෙම මත්පෙති විකුණන බවට ලැබී තුබූ තොරතුරකට අනුව සුක්ෂම ආකාරයෙන් යොදා තිබු පොලිස් උපාය දුතයෙකු මාර්ගයෙන් දින කීපයක්  මත්පෙති ගැනීමට සලස්වා ඊයේ (21) දින මෙම වැටලීම සිදුකර අදාළ සැකකාර තරුණයා  මත්පෙති 80 ක් සමග අත්අඩංගුවට  ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
මෙම මත්පෙති වර්ගය ඇමෙරිකාවේ නිෂ්පාදිත එකක් බවත් මුහුදු මාර්ගයෙන් රහසිගතව ලංකාවට රැගෙන විත් මේ අකාරයෙන් විකුණන බවට පොලිසිය තොරතුරු සොයා ගෙන තිබේ.
එමෙන්ම එක මත්පෙත්තක් රුපියල් 400 බැගින් විකුනා ඇති අතර දිනකට මෙම මත්පෙති 100ක් පමණ අදාළ සැකකරු විකුණා ඇති බවටද පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන තිබේ .
   ත්අඩංගුවට  ගත් සැකකරු සූරියවැව විරියගම ප්‍රද්ශයේ පදිංචි අයෙකු වන අතර  සැකකරු සම්බනධයෙන්  අධිකරණ කටයුතු සිදුකිරීමට සූරියවැව පොලිසියට බාර දී ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලෝක ජල දිනයදා ජල සේවකයන් උද්ඝෝෂණයක

Shiran Viraj

Corona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..

Shiran Viraj

2020 වර්ෂයේ පසුගිය මාස 8 තුළ රෝහල්වලට සැපයූ ඖෂධ වර්ග 45ක් භාවිතයෙන් ඉවතට

Shiran Viraj
Translate »