2026-08-10
mediahumanrights.lk
Local NewsNews

ශ්‍රීපාදේ එනවා නම් මේ තැන් වලින් නාන්න එපා – පොලිසිය කියයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමේදි කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලින් දියනෑම සිදු නොකරන ලෙසට පොලිසියෙන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රි පාද වන්දනාවේ හැටන් මාර්ගයෙ ඔස්සේ පැමිණීමේදි කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලින් දියනෑම සිදුනොකරන ලෙසට පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලිමක් කරන අතර එම ජලාශ වල ජලය අධි ඝනත්වයෙන් සහ අධික ශිතල ගතියෙන් යුක්ත නිසා එය දියනෑම අවධානමි බවයි පොලිසිය කියා සිටින්නේ.
හැටන් මාර්ගය ඔස්සේ දියනෑම සදහා ආරක්‍ෂිත ස්ථාන කිහිපයක් මාර්ගය දෙපස අඹගමුව ප‍්‍රාදේශිය සභාව මගින් ස්ථාපනය කර ඇති නිසා ඒවායෙන් දියනැම සිදුකරන ලෙසයි පොලිසිය කියා සිටින්නේ.
තවද එම මාර්ග අධික වංගු සහ බෑවුම් සහිත නිසා එම මාර්ග වල වාහන ධාවනය කිරිමේදි හා වාහන ගාල් කිරිමේදි සැලකිලිමත් වන ලෙස ද රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියි.
තවද ශ්‍රී පාද පරිසරය රැක ගැනිමට ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාතේ ප‍්‍රධන සංඝනායක හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධමිම දින්න නායක ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි පොලිසිය අඹගමුව ප‍්‍රාදේශිය සභාව එක්ව කි‍්‍රයාත්මක කරන පරිසරය රැක ගැනිමට දියත් කර ඇති වැඩ සටහන් වලට සහයෝගය දක්වන ලෙසද පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලිමක් කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වැලිකඩ රැඳවියන්ගේ දහදියට ලැබුණු ජීවිත කාලයටම නොලැබෙන දේ – Photos

Shiran Viraj

අමෙරිකානු නෞකාවක් ශ්‍රී ලංකාවෙන් පිටව යයි

Shiran Viraj

කොළඹ කෙසෙල්වත්තෙන් කොරෝනා ආසාදිතයන් 57ක් හමුවේ…

Shiran Viraj
Translate »