2025-12-09
mediahumanrights.lk
NewsSportsSports News

ලංකාව පරදා ඉන්දියාව බිහි කළ අලුත්ම ක්‍රිකට් වාර්තාව

ශ‍්‍රී ලංකාව සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලිය ජයගැනීමත් සමග ක‍්‍රිකට් වාර්තාවක් බිහි කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ, අඛණ්ඩව වැඩිම තරගාවලි සංඛ්‍යාවක් ජයගත් ලොව දෙවන කණ්ඩායම බවට සම තත්ත්වයට පත්වෙමින්.
2000 වසරේදී තරගාවලි 08ක් ජය ගනිමින්  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම මේ දක්වා එහි දෙවන ස්ථානයේ පසුවුණා.  ඉන්දියාව 2016 ජූනි මාසයේ සිට මේ දක්වා එක්දින තරගාවලි 08ක් ජයගෙන තිබෙනවා. ඉන් 06ක්ම අයත් වන්නේ මෙම වසරටයි.
අඛණ්ඩව වැඩිම තරගාවලි සංඛ්‍යාවක් ජයගත් කණ්ඩායම බවට පළමු ස්ථානයේ පසුවන්නේ 1980 – 1988 තරග සමයේ තරගාවලි 14ක් අඛණ්ඩව ජයගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.
මේ වසරේ දී ඉන්දීය කණ්ඩායම සහභාගී වූ එක්දින තරග 29න් 21ක්ම ජයගෙන තිබෙනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ සහභාගී වූ තරග 29න් ජයගෙන ඇත්තේ 05ක් පමණයි. 23ක්ම පරාජයට පත් වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු මිත්‍රත්වය ගොඩනංවා ගන්නා හැටි අගමැති පහදයි

Shiran Viraj

කල්පිටියේ දුපතක තිබූ කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී

Shiran Viraj

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

Shiran Viraj
Translate »