mediahumanrights.lk
International News News

රුසියාවේ හිටපු ආර්ථීක ඇමතිට අධිකරණය දුන් දඬුවම

රුසියාවේ හිටපු ආර්ථීක කටයුතු අමාත්‍ය ඇලේකසෙයි උල්යු කායෙව්ට මොස්කව් අධිකරණයක් මගින් 8 වසරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ, අල්ලස් චෝදනාවකට වරදකරු කරමින්. රුසියාවේ මෑත ඉතිහාසයේ නඩු විභාගයක් සඳහා පෙනී සිටි පළමු අමාත්‍යවරයා ද ඔහු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම සිර දඬුවමට අමතරව අමෙරිකානු ඩොලර් විසි දෙලක්ෂයක දඩයක්  ද ඔහුට නියම කෙරුණා.
රුසියාවේ රාජ්‍ය ඛනිජ තෙල් සමාගම සහ පෞද්ගලික සමාගමක් අතර ගනුදෙනුවකදී ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබා ගැනීම ඔහුට එල්ල වූ චෝදනාවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මිනිස් හිසක් හමු වූ සිද්ධියේ කඳ කොටස ගොඩ ගන්න පොලිසිය යයි

Shiran Viraj

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

Shiran Viraj

පාකිස්තානයට වසර 08කට පසු ඊයේ රාත‍්‍රියේ යළි ක‍්‍රිකට් වසන්තයක්

Shiran Viraj