mediahumanrights.lk
Local NewsNews

බුකියේ හුවමාරු වන කොළඹ සුපිරි හොටලයේ මාළු පාන්, රෝල්ස්වලට ආපු 3900 බිල ගැන කතා කරපු අයටයි මේ

පසුගිය දවසක කොළඹ ප්‍රධාන පෙලේ අවන්හලකින් නිකුත් කරන ලද බිල්පතක් ගැන පසුගිය දවසක සමාජජාල මාධ්‍යයන් තුළ විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් වුණා.
ඒ ඒ සඳහා අය කර තිබූ මුදල නිසායි.
අදාළ බිල්පතට අනුව සොසේජ් රෝල් 03ක් එළවළු පාන් 03 සහ මාළු පාන් 04 ක් සඳහා 3908.40 ක මුදලක් අය කර තිබෙනවා. ඒ රුපියල් 300ක සේවා ගාස්තුවක්ද අය කරමින්.
වර්තමානයේ බොහෝ හෝටල් සහ ආපන ශාලාවල එකම වර්ගයේ කෑම වර්ග විවිධ මිළ ගණන් වලට අලෙවි වනවා. සාමාන්‍ය හෝටලයක රුපියල් 30-40 අතර අළෙවිවන රෝල්ස්,මාළු පාන් වැනි කෑම වර්ග තරු පහේ හෝටලයකට යනවිට රුපියල් 300 – 350 ට අළෙවි වනවා.
බොහෝ දෙනාට ගැටළුවක් බවට පත්ව තිබුනේද මෙම සිදුවීමය. පසුව පාරිභෝගික සේවා අධිකාරියේ ඉහළ නිළධාරියෙකුගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කලා. ඔහු ප්‍රකාශ කලේ මෙවැනි ආහාර වර්ග වලට පාලන මිලක් නොමැති බවයි.
අවන්හලකට ගොස් එහි නැවතී ආහාර ලබා ගනිද්දී එය එසේ වීම සාධරණයැයි කිව හැක. නමුත් අදාල බිල් පත නිකුත් කර තිබුනේ ආහාර මිලදීගෙන බැහැරට යන (take away) අවන්හලකින් නිසා එයට සේවා ගාස්තුවක් එකතු කර තිබීම බොහෝ දෙනාගේ චෝදනාවට ලක්ව තිබෙනවා.
කෙසේවෙතත් ඒ පිළිබඳවද පාරිභෝගික සේවා අධිකාරියෙන් කළ විමසීමකදී එහි ඉහළ නිළධාරියෙකුකියා සිටියේ සාමාන්‍යෙයන් ආහාර මිලදීගෙන බැහැරට යන අවන්හල් වලින් සේවා ගාස්තුවක් අය නොකරන බවයි. නමුත් එලෙස මුදල් අය කලද පාරිභෝගික සේවා අධිකාරියට නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ හැකියාවක් නොපවතින බවද ඔහු සඳහන් කලා. take away අවන් හලකදී සේවා ගාස්තුවක් ලබා ගන්නේනම් සාමාන්‍යයෙන් එම මුදල එහි සේවය කරන සේවකයින් අතර බෙදී යාමක් සිදුවිය යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

Related posts

අලි අල්ලන මෙහෙයුම අතහැරිය නියෝජ්‍ය ඇමති අලි බලාගන්න ගිහින් (PHOTOS)

Shiran Viraj

කාවන් රත්නායක ලංකා බැංකු සභාපති ධුරයට පත් කරයි…

Shiran Viraj

ජවිපෙ නිහඬව ඉන්න තීරණය කරයි

Shiran Viraj
Translate »