mediahumanrights.lk
International News News

පියුමිටයි ඉරාජ්ටයි සමාන වූ කෙසෙල් වීඩියෝවක් කරලියට – කාමුකත්වය වැඩිනිසා රටේම හිට් වුණු නිළිය පොලිස් අත්අඩංගුවට

පසුගියදා නිකුත් වූ ඉරාජ්ගේ දැනුනා කියන මියුසික් වීඩියෝ ගැන බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වුණා.
ඒ එහි කතාවට සහ එහි ඇතුලත් වූ දර්ශන නිසා. මේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වුණේ පියුමි හංසමාලියි.
අපි මේ කියන්න යන්නේ පියුමි වගේ රංගනයෙන් දායක වූ විදේශීය ගායිකාවකට එරට අධිකරණයක් විසින් සතියක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙන සිද්ධියක් ගැනයි.
මේ සිද්ධිය වාර්තා වෙන්නේ ඊජිප්තුවෙන්.
ඇය 25 හැවිරිදි ශයිමා අහමඩ්.
ඊජිප්තු පොලිසිය විසින් ඇයව පසුගිය සෙනසුරාදා දිනයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ මියුසික් වීඩියෝවේ දර්ශන ප්‍රේක්ෂකයින් කාමුකත්වයට පෙළඹවීම යන චෝදනාව මතයි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඇය සිය නිළ ෆේස්බුක් පිටුව ඔස්සේ සමාව ගෙන තිබෙනවා.
“මම මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නෑ. ඒවගේම මේ මියුසික් වීඩියෝව මෙච්චර අප්‍රසාදයකට ලක්වෙයි කියලාත් හිතුවේ නෑ” යනුවෙන් ඇය ප්‍රකාශ කරලා තියෙනවා.
එහෙත් මේ වෙද්දි ඇයගේ ෆේස්බුක් ගිණුමද අක්‍රිය වී ඇති බවටයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත්තේ.
මෙහි විශේෂත්වය වන්නේ ඊජිප්තු අධිකරණය විසින් ගිය වසරේදීද කාන්තා නර්තන ශිල්පිණියන් 03 දෙනෙකුට මාස 06 බැගින් සිර දඬුවම් නියම කර තිබීමයි. එයටද හේතුවී ඇත්තේ කාමුකත්වයට පෙළඹවීම යන චෝදනාවයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට නව ශාක විශේෂයක් සොයා ගැනේ…

Shiran Viraj

රත්ගම පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ගෙන් දුරකථන ඇමතුමක් – පොලිසියේ වැඩක්දැයි ඥාතින්ට සැකකයක්

Shiran Viraj

ගොඩනැගිල්ල යළි අත්පත් කර ගැනීමේ මෙහෙයුම් අරඹයි – සරසවි සිසුන්ට බැටන්පොලු ප්‍රහාර

Shiran Viraj