2026-09-07
mediahumanrights.lk
LIFELIFE NEWSNews

කාන්තාවක් ගැබ් ගෙනද යන්න කලින්ම සොයගත හැකි ක්‍රම – පිරිමි අයටත් වැදගත් වෙයි

ගැබ් ගැනීම හරියටම සොයාගත හැකි වන්නේ වෛද්‍ය පරික්ෂනයකිනි. නමුත් ඔබ ගැබ් ගෙනද යන්න හදිස්සි බියක් තියෙනවනම් , නැතිනම් ඔබේ බිරිඳ , පෙම්වතිය ගැබ් ගෙනනම් මුල් අවස්ථාවේදීම ඔබටම සොයගතහැකි ක්‍රම කිහිපයක් මේ..
ගැබ් ගැනීමක් සිදු වන විට කාන්තාවකගේ ශරීරය වෙනස්කම් රාශියක් සිදු වෙනවා. එයට හේතුව බිලිඳු කළලය හොඳින් වර්ධනය වීමට අවශ්‍ය හෝර්මෝන වල සිදුවන ක්‍රියාකාරී වෙනස් වීමයි.
ගැබ් ගැනීමක් සිදුවීමත් සමග ශරීරයේ ඇති ප්‍රොජෙස්ට්‍රරෝන් නම් හෝර්මෝනය වර්ධනය වෙනවා.
ඒ හේතුවෙන් ,
සමෙහි ඇතිවන සැලකියයුතු වෙනස්වීම්
අසාමාන්‍ය මහන්සි ගතිය
නිදිමත ගතිය
මුත්‍රා යන වාර ගණන වැඩි වීම
පියයුරු වල සංවේදීතාවය වෙනස් වීම
පියයුරු ඉදිමීම හෝ තද ගතියක් අපහසු බවක් දැනීම
වමනයට ඒමේ අපහසුතාවය
කෑම අරුචිය
මාසික ඔසප්වීම් චක්‍රය වෙනස් වීම –
(ඔබේ ඔසප් වීම ක්‍රමවත්ව සිදුවනවිට එකවරම එය සැලකියයුතු දින ගණනකින් ප්‍රමාද වනවානම් ගැබ් ගැනීමක් ගැන ඔබ සැලකිලිමත්  විය යුතු වේ.. එසේ ක්‍රමවත්ව ඔසප් චක්‍රය සිදු නොවන්නේ නම් බොහෝ විට එය සාමාන්‍ය තත්වයක් විය හැක.)
වැනි වෙනස්කම් දැනෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ශරීරය අභ්‍යන්තරයෙන් ශරීරයේ ඇති කැලරි ප්‍රමාණය වැඩි වීම වගේම ශරීරයේ ගමන් ගන්නා රුධිර ප්‍රමාණය වැඩි වීම හේතුවෙන් වකුගඩු වලින් පෙරන මුත්‍රා ප්‍රමාණය වැඩි වීමක් සිදු වනවා.
කෙසේ වෙතත් කළලය ක්‍රමයෙන් වර්ධනය වෙද්දී මේ අපහුතා ක්‍රමයෙන් අඩු වී හෝ නැති වී යයි.. එයට හේතුව ශරීරය හෝර්මෝන වල සිදු වන වෙනසට හුරු වීමයි.
(under the courtesy of hirunews.lk news web)

Related posts

උතුරේ පාසල් ශිෂ්‍ය භට සේවාව සාර්ථකයි

Shiran Viraj

දීපවාලි දිනය අද – සැමරුම් නිවසට සීමා කරන්නැයි හින්දු පූජකවරුන්ගෙනුත් ඉල්ලීම්

Shiran Viraj

කාසියේ වාසිය ඉන්දියාවට! පිත්ත අපට! තරගය ඇරඹෙයි

Shiran Viraj
Translate »