mediahumanrights.lk
News

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වෙයි

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කිරීමට ලංකා සතොස  තීරණය කර තිබේ.
පොදු ජනතාවට සහන සැළසීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම් සිදු කර ඇති බව සඳහන්ය.
ඒ අනුව දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් 372 තුළින්ම හිඟයකින් තොරව මෙම භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතී.
ඒ අනුව රුපියල් 65ක්ව පැවති සුදු කැකුළු කිලෝවක් 62ක් දක්වාද, රුපියල් 74ක්ව පැවති නාඩු සහල් කිලෝවක් රුපියල් 70ක් දක්වාද, පොන්නි සම්බා කිලෝවක් රුපියල් 78 සිට 71 දක්වාද, සීනි කිලෝවක් රුපියල් 107 සිට 100 දක්වාද, ලොකු ලූණු කිලෝවක් රුපියල් 152 සිට රුපියල් 135 දක්වාද, ටින් මාලු (ග්‍රෑම් 425) රුපියල් 149 සිට රුපියල් 127 දක්වාද, මිල අඩුකර තිබේ.
එමෙන්ම රතු කැකුළු කිලෝවක් රුපියල් 63ක් ද, බාස්මතී කිලෝවක් රුපියල් 132ක් ද, සුදු ලූණු කිලෝවක් රුපියල් 250ක් ද වෙයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

මැකො ධුරයෙන් සමුගැනීම ප‍්‍රකාශ කරයි.. මැතිවරණ කොමිසමේ අවසන් මාධ්‍ය හමුව පවත්වයි..

Shiran Viraj

ඛණිජ තෙල් සේවක අර්බුදය විසඳන සාකච්ඡාව පස්වරුවට කල් යයි

Shiran Viraj

ජනපතිගේ හොද වැඩපිලිවෙල විනාශ කරන්නේ මහින්ද හා නාමල්ද..

Shiran Viraj
Translate »