mediahumanrights.lk
News

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු වෙයි

උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල අඩු කිරීමට ලංකා සතොස  තීරණය කර තිබේ.
පොදු ජනතාවට සහන සැළසීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම් සිදු කර ඇති බව සඳහන්ය.
ඒ අනුව දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් 372 තුළින්ම හිඟයකින් තොරව මෙම භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව පවතී.
ඒ අනුව රුපියල් 65ක්ව පැවති සුදු කැකුළු කිලෝවක් 62ක් දක්වාද, රුපියල් 74ක්ව පැවති නාඩු සහල් කිලෝවක් රුපියල් 70ක් දක්වාද, පොන්නි සම්බා කිලෝවක් රුපියල් 78 සිට 71 දක්වාද, සීනි කිලෝවක් රුපියල් 107 සිට 100 දක්වාද, ලොකු ලූණු කිලෝවක් රුපියල් 152 සිට රුපියල් 135 දක්වාද, ටින් මාලු (ග්‍රෑම් 425) රුපියල් 149 සිට රුපියල් 127 දක්වාද, මිල අඩුකර තිබේ.
එමෙන්ම රතු කැකුළු කිලෝවක් රුපියල් 63ක් ද, බාස්මතී කිලෝවක් රුපියල් 132ක් ද, සුදු ලූණු කිලෝවක් රුපියල් 250ක් ද වෙයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ඥාණසාර හිමියන්ගේ හැසිරීම ගැන ආණ්ඩුව වගකිව යුතුයි

Shiran Viraj

ලසන්ත ඝාතනයට ගෝටා පටලන්න කට උත්තර දුන් ෆොන්සේකා තමන්ට විරුද්දව තමන්ම සාක්‍ෂි දී ගනී

Shiran Viraj

නව කැබිනට්ටුව සූදානම්.. අගමැති මහින්දමයි.. අන්තර්වාර, සභාග යොජනා ඉවතට..

Shiran Viraj
Translate »