30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
International NewsNews

අනියම් සැමියා හා එක්ව සැමියා මරා අනියම් සැමියාට සැමියාගේ පෙනුම ගන්න සැත්කමක් කළ නරුම බිරිඳට වුණු දේ – Photos

පෞද්ගලික රෝහලකදී ප්ලාස්ටික් සැත්කමක් කරලා.
ඇසිඩ් වැදුණු බව පවසා ඥාතීන් මුලා කරලා.
බොරුව ඇත්ත කරන්න රෝහලට ලක්ෂ 5 ක්.
නව වෛද්‍ය විද්‍යාවේ පිහිටෙන් තම අසම්මත ආදර කථාව වෙනස් ආකාරයකට ලියන්නට ගිය ඉන්දීය බිරිදකගේ අමුතුම ආකාරයේ කුමන්ත්‍රණයක් ගැන නොබෝදා ඉන්දියාවෙන් අසන්නට ලැබිණ. මේ අනුව තම ස්වාමියා මරා පෙම්වතාට ස්වාමියාගේ පෙනුම ලබා දෙන්නට ඔහුව ප්ලාස්ටික් සැත්කමකට යොමු කළ මෙම කාන්තාව ඉන්දියාවේ තෙළගානා ප්‍රාන්තයේ දී අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ.
තමන් විවාහක වුවත් විවාහක සැමියාගෙන් මිදී තමන් හා පෙමින් බැදුණ සිය පෙම්වතාව කෙසේ හෝ විවාහ කර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කළ ස්වාති රෙඩ්ඩි නැමති තෙළිගු කාන්තාව ඊට කදිම උපායක් කල්පනා කළාය. ඒ අනුව පළමුව ඈ සිය පෙම්වතා සමග එක් වී සිය විවාහක ස්වාමියා මරා දමා ඇත. ඉන් නොනැවතුණ ඈට අවශ්‍ය වූයේ ඊට සමාජයෙන් එල්ල වන තර්ජනයන් හා චෝදනා වලින් බේරී තවමත් තමන් විවාහක සැමියා සමග ජීවත් වන බව ලෝකයට පෙන්වීමටය. ඒ සඳහා ඈ තම පෙම්වතාට සිය ස්වාමියගේ මුහුණම ලබා දෙන්නට තීරණය කර ඇති අතර ඒ සදහා ඉන්දියාවේ පෞද්ගලික රෝහලකදී ඊට අවශ්‍ය ප්ලාස්ටික් සැත්කම සිදු කර ඇත.
ඒ අනුව ඈ තම විවාහක ස්වාමි පුරුෂයාගේ දෙමව්පියන්ට සහ පවුලේ උදවියට පවසා ඇත්තේ තම සැමියා හදිසියේ ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ බවත් ඉන් හානි වූ මුහුණ නැවත යථා තත්ත්වයට පත්කර ගන්නට ඔහුට ප්ලාසස්ටික් සැත්කමක් සිදු කරන්නට සිදුව ඇති බවත්ය. ඒ අනුව කෘතිමව සිදු කළ මුහුණේ පිළිස්සුම් තුවාල ද සහිතව පෙම්වතාව රෝහල් ගත කර ඒ ඇසිඩ් ප්‍රහාරයට ලක් වී සැත්කමට භාජනය කලේ සැමියාට බව සියල්ලන්ට පවසා ඇත. ඇගේ කථාවට රැවටුණ නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා වූ සුදාකර් රෙඩ්ඩිගේ මව්පියන් තම පුතා යැයි රැවටී සැත්කම සදහා වූ රෝහල් ගාස්තු වන ලක්ෂ 05 ක මුදලක් ගෙවා ඇත.
නමුත් හිටි හැටියේ ඔවුන් දෙදනොගේ පිටපත වෙනස් වී ඇති අතර හදිසියේම රෝහලට කඩා වැදුණ නිත්‍යානුකූල ස්වාමියාගේ සොහොයුරු විසින් මේ සිටින්නේ තමන්ගේ සොහොයුරා නොවන බව හදුනා ගෙන ඇත. ඒ අනුව කාන්තාව සහ ඇගේ පෙම්වතා විසින් ගෙතූ අපූරු කථාව නොසිතූ අයුරින් වෙනස් මගක් ගෙන ඇති අතර මේ සිටින්නේ තම සොහොයුරා නොවන බව පවසමින් ඔහු පොලීසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පෙම්වතාගේ ඇගිළ සලකුණු නිත්‍යානුකූල සැමියාගේ ඇගිලි සළකුණු සමග සැසදීමට තෙළගානා පොලීසිය විසින් කටයුතු තර ඇති අතර එහිදී මේ සිටින්නේ අදාල කාන්තාවගේ නීත්‍යනුකූල සැමියා නොව වෙනත් අයෙකු බවට හදුනාගෙන ඇත.
ඒත් සමග ඉන්දීය පොලිසිය විසින් අදාල කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඈ තමන් පෙම්වතා සමග එක්ව සිය සැමියා ඝාතනය කල බවට පාපොච්චාරණය කර ඇත. ඒ අනුව පොලිසිය විසින් පෙම්වතාද අත් අඩංගුවට ගැනීමට තීරණය කර ඇත.පොලීසිය පවසා සිටින්නේ හදිසියේ ම රෝහලට කඩා වැදුණ නිත්‍යනුකූල සැමියාගේ සොහොයුරා නොවන්නට අදද මෙම කුමන්ත්‍රණය ගැන සත්‍යය අනාවරණය නොවනු ඇති බවයි.

(under the courtesy of hirunews.lk news web)

Related posts

ගරු නායකතුමනි ඔබගේ සේවය ගෞරවනීයයි – සජිත් අගමැති කර පක්ෂයත් රටත් බේරාගන්නට නව ගමනකට සැරසෙමු..

Shiran Viraj

ජනාධිපති සහ අගමැති එකවර ඉවත්වුනොත් රටේ ප්‍රශ්න තවත් වැඩි වෙනවා…

Shiran Viraj

‘යුක්තිය’ මගින් නීති නොකඩනු.. මානව හිමිකම් රකිනු..- පොලිස් කොමිසම දේශබන්දුට දන්වයි..

Shiran Viraj
Translate »