31.1 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

හමුදාවෙන් වධහිංසා කළ බවට වන ප්‍රකාශය අසත්‍යක්

මෙරට හමුදා භාරයේ සිටියදී වධහිංසාවට ලක්වූයේ යැයි විදෙස්ගතව සිටින ලාංකිකයන් කිහිපදෙනෙකු කළ බව කියන ප්‍රකාශය, ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය විසින් පළකරන ලද පුවතකිනුයි මේ බව සඳහන් වී ඇත්තේ.
දැනට යුරෝපයේ පදිංචිව සිටින දෙමළ ජාතික ලාංකිකයන් 50 දෙනකුගෙන් පමණ ලබාගත් බව කියන ප්‍රකාශ උපුටා දක්වමින් එම පුවත් සේවය මෙරට හමුදාව සහ පොලිසිය වෙත චෝදනා එල්ල කොට තිබුණා.
එම පුවත් සේවය විසින් ඒ පිළිබඳ කරන ලද විමසීමකදීයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණේ.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාව භාරයේ සිටි කිසිදු පුද්ගලයකුට එවැනි වධහිංසාවක් නොවූ බවට සහතික විය හැකි බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා පොලීසිය භාරයේ සිටි අයකුට වුවද එවැන්නක් සිදුවූ බවට තමන් විශ්වාස නොකරන බවයි ඔහු පවසා ඇත්තේ.
ආරක්ෂක අංශ භාරයේ සිටින්නන්ට වධහිංසා පැමිණවීමේ කිසිදු අවශ්‍යතාවක් මෙරට ආරක්ෂක අංශවලට නොමැති බවට ද යුද හමුදාපතිවරයා අවධාරණය කරනවා.
කෙසේවෙතත් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට ප්‍රකාශ ලබාදුන් පුද්ගලයන් වැඩිදුරටත් පවසා තිබුණේ වත්මන් ආණ්ඩුව යටතේ ද ඔවුන් මෙරට ආරක්ෂක අංශ භාරයට පත්වූ පසුව මෙලෙස වධහිංසනයට ලක්වූ බවටයි.
එම චෝදනා රජය ප්‍රතික්ෂේප කරන බවට ද ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය පවසා තිබෙනවා.
මෙරටට එල්ල වී තිඛෙන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙතෙක් තහවුරු කරගැනීමට සමත් වී නොමැති බවට එහි මානව හිමිකම් කොමසාරිස්වරයා කළ ප්‍රකාශයක් ද එම ප්‍රවෘත්තිය මගින් උපුටා දක්වා තිබුණා.
එම චෝදනා 2016 හා 2017 වසරවලදී ද සිදුවී ඇත්නම් ඒ පිළිබඳ වැඩි අවධානයකින් විමර්ශනයක් සිදුකරන බවට සෙයිද් රාද් කුමරු පැවසූ බවයි ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

තවත් කොරෝනා මරණ 92ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි…

Shiran Viraj

දරු එල ලබන්නට තරබාරුව මට්ටු කරමු

Shiran Viraj

රජයේ ඡන්ද පදනම සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි

Shiran Viraj
Translate »