2026-07-03
mediahumanrights.lk
Local NewsNews

විභාග දෙපාර්තමේන්තුව පිළිතුරු ඇගයීමට නව තාක්ෂණය ගෙනෙයි

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වැනි රාජ්‍ය විභාගවල බහුවර්ණ ප‍්‍රශ්න පත‍්‍රවල පිළිතුරු ඇගයීම සඳහා ඉදිරියේදී නව තාක්ෂණය උපයෝගී කර ගැනීමට විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. එහි එක් අදියරක් ලෙස එම පිළිතුරු පත‍්‍ර ඇගයීම සඳහා OMR යන්ත‍්‍ර භාවිතයට ගැනීමටයි තීරණය කර ඇත්තේ.
මීට පෙර ද මෙම යන්ත‍්‍ර පිළිතුරු පත‍්‍ර ඇගයීම සඳහා යොදාගෙන ඇතත් පසුව එය නතර කෙරුණා. මෙම යන්ත‍්‍ර නැවත හඳුන්වාදීමෙන් සහ නව තාක්ෂණය උපයෝගී කරගැනීමෙන් ප්‍රතිඵල වඩා නිවැරදිව සහ කඩිනමින් ලබාදීමයි විභාග දෙපාර්තමේන්තුවේ අපේක්ෂාව වී ඇත්තේ.
මේ අතර විභාග දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස සනත් පූජිත අද වැඩභාර ගැනීමට නියමිතයි. ඒ, හිටපු විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පූෂ්පකුමාරගෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහායි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

තරුණ ප්‍රජාවට තම ඡන්දය ලබා දෙන්න විශේෂ අවස්ථාවක්

Shiran Viraj

මෛත්‍රී,මහින්ද රහස් හමුවක් තිබූ බව මෛත්‍රී මැදගොඩ අභයතිස්ස හිමිට කියයි – තොරතුරු හෙළි වෙයි

Shiran Viraj

කොවිඩ් වැළඳුණු කුඩා දරුවන් 20ක් රිජ්වේ රෝහලෙන් හඳුනාගනී

Shiran Viraj
Translate »