mediahumanrights.lk
Local NewsNews

මුලතිව් නගරයේ සියලු දෙනා නගරය හැර යයි – හේතුව මෙන්න – මොනවද මේ වෙන්න යන්නේ

කිසියම් පිරිසක් විසින් ඊයේ (21දා) උදෑසන හා පෙරේදා මුලතිව් මුහුද ගොඩගලන අවදානමක් ඇති බවට පැවැසීමෙන් ඊයේ උදෑසන මුලතිව් නගරයම දැඩි පාළු ස්වභාවයක් ගෙන තිබිණි.
ඊයේ උදෑසන සිට මේ වන තුරම මුලතිව් නගරයේ කිසිදු වැසියකු දැකගන්නට නොහැකි වූවේ පෙරේදා සවස කිසියම් පිරිසක් විසින් සුනාමි අවදානමක් ඇති බවට ජනතාව බිය ගැන්වීම නිසාවෙන් සියලු වැසියෝ ඊයේ ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස් තුළටම වී සිටීමෙනි.
කෙසේ වෙතත් මුලතිව් පොලිසිය කියා සිටියේ කිසිදු සුනාමි අවදානමක් නොමැති බවටත් කටකතාවක් හේතුවෙන් ජනතාව රැවටී ඇති හෙයින් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන ලෙසට ජනතාව දැනුම්වත් කළ බවත්ය.
පසුගිය දිනයන්හි ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මුහුදු ජල මට්ටම ඉහළ යෑම නිසා මුලතිව් ධීවරයන් හා ජනතාව යම් බියකින් පසුවන බවටද දැන ගන්නට ඇත.
සුනාමි බිය හේතුවෙන් ඊයේ දිනයේදී ජනතාවගේ දෛනික කටයුතුවලටද බාධා සිදු විය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

එන සතියේ රෝහල් පද්ධතිය බිද වැටෙයි.. ඉන්ධන නෑ…

Shiran Viraj

විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයි

Shiran Viraj

පාස්පෝට් අර්බුදය යලිත් අවසන් කරයි..

Shiran Viraj
Translate »