mediahumanrights.lk
Local NewsNews

මාස 10යි – 180ක් මැරිලා

මෙම වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 180 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
වසරින් වසර දුම්රිය මාර්ගවල සිදුවන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව එම දෙපාර්තමේන්තුව කියා සිටියේය.
මෙම කාලය තුළ දුම්රිය හරස් මාර්ග වලදී රථවාහන දුම්රියේ ගැටීම් 84 ක් සිදුව ඇති අතර දුම්රියෙන් මගීන් ඇඳ වැටීම් 76 ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දුම්රිය මාර්ගයේ හෝ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුරු 436ක් සිදුව  තිබේ.
මීට අමතරව වාහන දුම්රිය හරස් මාර්ගවල ගේට්ටුවල ගැටීම හේතුවෙන් සිදුවූ හානි පිලිබඳ සිද්ධීන් 506 ක් ද වාර්තා වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ගත වූ මාස 10 ක කාලය තුළ පමණක් දුම්රියේ සහ දුම්රිය මඟෙහි සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරුවලින් තරුණයන් 24 දෙනෙකු මියගොස් ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දුම්රිය අනතුරු අවම කර ගැනීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව මහජනතාව දැනුවත් කිරීමේ පරාවර්තිත පුවරු සවි කිරීමේ වැඩසටනක් මේ වන විටත් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කෑගල්ල රෝහලේදී ගැටළුකාරී ප්‍රතිජීවක ඖෂධය දුන් අයෙක් මිය යයි…

Shiran Viraj

අමෙරිකානු බලපෑම් ගැන විපක්ෂයේ චෝදනා වලට රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් උත්තර

Shiran Viraj

බංගලියන් නැවතත් ශ්‍රී ලංකාව පසුකර යයි – නවසීලන්තයටත් දුවන්න දෙයි

Shiran Viraj
Translate »