mediahumanrights.lk
Local NewsNews

පාසල් 3,000 කට ජංගම විද්‍යාගාර කට්ටල

සිසුන් ඉතා අඩු ප්‍රමාණයක් සිටින ඉතා දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇති 6-11ශ්‍රේණි සහිත පාසල් 3,000 ක්  සඳහා ජංගම විද්‍යා උපකරණ කට්ටලය බැගින් ලබා දීමට  අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත් පාසල් 448 ක්, මධ්‍යම පළාත් පාසල් 440 ක් දකුණ පළාත් පාසල් 306ක් උතුරු පළාත් පාසල් 249 ක් නැගෙනහිර පළාත් පාසල් 322 ක් වයඹ පළාත් පාසල් 403 ක් උතුරුමැද පළාත් පාසල් 173 ක් ඌව පළාත් පාසල් 249 ක් සහ සබරගමුව පළාත් පාසල් 410 ක් අතර මෙම ජංගම විද්‍යාගාර උපකරණ කට්ටල බෙදාදීමට නියමිතය.
ඉදිරි වසර 05 කාලයක් සඳහා අවශ්‍ය උපකරණ හා රසායන ද්‍රව්‍ය මෙම උපකරණ කට්ටල තුළ අඩංගුවන අතර, මෙම කට්ටලය ඉතා පහසුවෙන් රැගෙන යාමට සහ පන්ති කාමරය තුළ දී භාවිත කළ හැකි ආකාරයට සකස් කර තිබීම විශේෂත්වයක්.
විද්‍යාගාර සහ අවශ්‍ය උපකරණ අවම වීම හේතුවෙන් ප්‍රායෝගික පරීක්ෂණවල යෙදීමට අපහසු සිසු දරුවන්ට මේ අනුව තමන්ගේ විද්‍යා අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.
සමාන අධ්‍යාපන පහසුකම් සහ වරප්‍රසාද සියලු පාසල් සිසුන් වෙත ලබා දීමත් විද්‍යා අධ්‍යාපනය සඳහා වන අවස්ථාවන්  පුළුල් කිරීමත් අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 450 ක් පමණ ප්‍රතිපාදන වෙන් කර තිබේ.

(under the courtesy of news.lk news web)

Related posts

අද සිට ප්ලාස්ටික් තහනම්…

Shiran Viraj

ස්වයං නිරෝධානයේ සිටි එක්දරු මවක් මිය යයි.. කොරෝනා පරීක්‍ෂාවට..

Shiran Viraj

Corona : අවසන් පැය 24ට රෝගීන් 02යි.. 104ක් රෝහල්වල… සැක සහිත 173යි.

Shiran Viraj
Translate »