26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
NewsPolitical

දෙමළ ජාතික සන්ධානය ඍජුව කතා කරන්නේ නෑ

රජය මගින් ඉදිරිපත් කරන ලද අය වැයට දෙමළ ජාතික සන්ධානය සහය පල කරනවාද නැද්ද යන්න පිළිබදව මෙතෙක් තම පක්ෂය ස්ථිර තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් පවසනවා.
ඔහු වවුනියාවේදී  ඊයේ (12) දා මේ බව කියා සිටියා.
මන්ත්‍රීවරයා එසේ පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභා රැස්වීම වවුනියාවේ පෞද්ගලික හෝටලයක පැවත්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා මෙම සාකච්ඡාවෙන් අනතුරුව රජය මගින් මෙවර අයවැයෙන් සලසා ඇති සහන පිළිබඳව අගය කිරීමකින් යුතුව කතා කළා.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ පිරිසගේ සුබ සිද්ධිය හා යුද වැන්දඹුවන්ගේ ප්‍රයෝජනය පිණිස රජය මෙවර අයවැය තුළින් රුපියල් මිලියන 140 ක්  වැය කොට ඇති බව ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසූ අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු තත්ත්වය එසේනම් රජයේ අයවැයට සහය දෙන්නේදැයි විමසූ විට ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදෙන ලද්දේ සුමන්දිරන් මන්ත්‍වරයා විසිනුයි.
දෙමළ ජාතික සන්ධානය මුහුණ පා සිටින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළේ කවර කරුණුදැයි විමසූ විට සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ  ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට තරම් විශේෂ යමක් නොමැති බවයි.
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කුමන පක්ෂයකින් කුමන ලකුණ යටතේ මැතිවරණයකට ඉදිරිපත් වන්නේ ද යන කාරණය සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීරණයකට එළඹ නැති බවද ඔහු මෙහිදී කියා සිටියා.
දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාවාරයේදී මීළග මැතිවරණයේදී අපේක්ෂකයින් ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳවත් නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව සම්බන්ධන් මන්ත්‍රීවරයාත් සුමන්දිරන් මන්ත්‍රීවරයාත් කියා සිටියා.
ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය රජය සමග එකතු වී දෙමළ ජාතික සන්ධානය දියාරු කිරිමට කටයුතු කරන බවට ඇති චෝදනාවේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ඔවුන් කියා සිටියේද මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.
මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න ගණනාවක්ම විමසා සිටියත් එම ප්‍රශ්න වලට එක එල්ලේ සාර්ථක පිළිතුරු දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ගෙන් නොලැබීම විශේෂ සිද්ධියක්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විදුලිබලේ සභාපති ඉල්ලා අස් වූ හේතුව කියයි

Shiran Viraj

රජයේ ඉඩම් බැංකුවක් පිහිටුවයි.. පුද්ගලික අංශයත් සමග සංවර්ධනය කරයි..

Shiran Viraj

O/L විභාගය අවසන් වූ වහාම උසස් පෙල අරඹයි.. මෙවර අසමතුන් නෑ…

Shiran Viraj
Translate »