2026-08-08
mediahumanrights.lk
Local NewsNews

කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට එරෙහිව වව්නියාව මණ්ඩපයේ සිසුන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් (PHOTOS)

යාපනය සරසවියේ වව්නියාව මණ්ඩපයේ දමිළ සිසුන් පිරිසක් පම්පමඩුව නේවාසිකාගාරයන්හි සිට ඊයේ (26) රාත්‍රියේ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමක් හේතුවෙන් සිංහල සිසුන් එයට විරෝධය පෑමත් සමග දෙපිරිස අතර උණුසුම් තත්වයක් හට ගෙන තිබුණි.
කොටි නායකයාගෙ රුව යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා වව්නියාව මණ්ඩපයේ සිසුන් පිරිසක් උපන්දිනය සැමරීමත් සමග එසේ සිදු නොකරන ලෙසට සිංහල සිසුන් පිරිසක් දැනුම් දීමෙන් පසුව දෙපිරිස අතර උණුසුම් තත්වයක් හටගෙන තිබුණි.
පසුව සිංහල සිසුන් පිරිසක් ඊයේ රාත්‍රියේම වව්නියාව මණ්ඩපයට පැමිණ ඒ පිළිබඳව පාලනාධිකාරියට දැනුම් දී ඇති අතර පාලනාධිකරිය විසින් සිසුන්ට දැනුම් දී ඇත්තේ අදාල සිදුවීම සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කොට විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවටයි.
කෙසේ වෙතත් සිසුන් දෙපිරිස අතර ඇති වූ උණුසුම් වාතාවරණය හේතුවෙන් එය පාලනය කිරීම සඳහා දෙපාර්ශවය සමගම අද (27)උදෑසන සාකච්ඡා කිරීමටද වව්නියාව මණ්ඩප පාලනාධිකරිය විසින් පියවර ගෙන ඇත.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

මා කී දේ නොකල ගෝටා ගෙදර.. කරන රනිල් තවමත් ජනපති…

Shiran Viraj

රාජිත ආණ්ඩුවට.. අයවැයට පෙර ඇමතිකමක්…

Shiran Viraj

පසුගිය සමයේ පුද්ගලික සමාගමක් එංගලන්තයෙන් ගෙන්වූ කුණු තොගය යළිත් එංගලන්තයටම යවයි

Shiran Viraj
Translate »