27.8 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

'එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ නව ව්‍යාපාර 225ක්

ජනාධිපතිවරයාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙලට අනුකූලව, දැනටමත් කුඩා ව්‍යාපාරවල නියැළි පුද්ගලයින්ට, ගොවීන්ට, ධීවරයින්ට, තරුණ තරුණියන්ට හා කාන්තාවන්ට සමාගම් වශයෙන් සංවිධානය වී නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ‘එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා’ ණය යෝජනා ක්‍රමය මඟින් ප්‍රදාන සහ ණය ලබාදීමට රජය පියවර ගෙන තිබේ.
මේ යටතේ 2018 – 2020 කාලය තුළ කෘෂි හා ධීවර සමාගම් 50ක්, කාන්තාවන්ට වැඩි අයිතියක් හිමි සමාගම් 25 ක් සහ තරුණ කේන්ද්‍රගත නව ව්‍යාපාර 150ක් ආරම්භ කිරීමට රජය විසින් ආධාර සපයනු ඇත.
මෙසේ පිහිටුවනු ලබන සමාගම්වල අවම වශයෙන් කොටස්කරුවන් 10ක්වත් සිටිය යුතු අතර සෑම කොටස් කරුවකුම රුපියල් 10,000 ක අවම ප්‍රාග්ධනයක් ආයෝජනයක කළ යුතුය.
මෙම ව්‍යාපාර හා සමාගම්වලට සහන පොළියට ණය සැපැයීමට හා ප්‍රදානයන් ලබාදීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2700ක් මුදල් අමාත්‍යවරයා විසින් වෙන් කොට ඇත.
‘එන්ටර් ප්‍රයිස් ශ්‍රී ලංකා’ ණය යෝජනා ක්‍රමය මඟින් කාන්තා ව්‍යවසාකයින් දිරිමත් කිරීම සඳහා කාන්තාවන්ට වැඩි අයිතියක් හිමි සමාගම්වලට අන් අයට වඩා අවම වශයෙන් 10% කට වැඩි පොලී සහනයක් යටතේ ණය පහසුකහ් සැපයෙනු ඇති අතර ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 15 ක මුදලක් වෙන් කොට තිබේ.

(under the courtesy of news.lk news web)

Related posts

උණ රෝගයක් නිසා කැලණිය වැසෙයි

Shiran Viraj

සිමෙන්ති මිටිය තවත් 600 කින් මිල ඉහලට..

Shiran Viraj

පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj
Translate »