2026-09-07
mediahumanrights.lk
Local NewsNews

අරඹේපොල රතනසාර හිමිට ඇප

ගල්කිස්ස ප්‍රදේශයේ මියෙන්මාර සරණාගතයින් පිරිසක් රඳවා සිටි ස්ථානයක් අසළ නොසන්සුන්කාරීව හැසිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය අරඹේපොල රතනසාර හිමිට ඇප ලබා දී තිබේ.
අදාළ නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී උන්වහන්සේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකටද ඉදිරිපත් කර තිබේ.
එහිදී උන්වහන්සේට ඇප ලබා දීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝගය කර ඇති බව සඳහන්ය.
පසුගිය දා උන්වහන්සේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

ට‍්‍රම්ප් බදු ගැහුවේ අද ඊයේ ගැටළුවක් නිසා නොවේ.. පෙර පාලනයන්වල ප‍්‍රතිපත්ති නිසා..- විදේශ නි. ඇමති

Shiran Viraj

නාවික හමුදාපතිට සේවා දිගුවක්

Shiran Viraj

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..

Shiran Viraj
Translate »