වරකාපොල තෝලංගමුවේ පදිංචිව සිටි ප්‍රභා මල්ලිකා සේනාරත්න නැමැති 28 හැවිරිදි තරුණියක් ෆේස්බුක් හරහා ඇති කර ගත් ප්‍රේම සම්බන්ධයක් නිසා කලකිරීමට පත්ව පසුගිය (14)දා නිවසේ කාමරයක ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
අදාළ තරුණිය වසර දෙකකට ආසන්න කාලයක් ෆේස්බුක් මගින් හඳුනාගත් තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබුණු අතර එම තරුණයා සමග එකම දිනක් හෝ හමුවී කතා කර නොතිබේ.
වසර දෙකක් තිස්සේ පවත්වාගෙන ආ මෙම ආදර සම්බන්ධතාවය මත ඇති වූ කලකිරීම මත අභ්‍යාස පොතක පිටු 6 ක සිය ආදර කතාව පිළිබඳ දීර්ඝ ලිපියක් ලියා තබා ගෙල වැලලාගෙන තිබුණා.
(under the courtesy of hitnews.lk news web)