mediahumanrights.lk
BusinessBusiness NewsNews

එළවලු මිල වැඩි වෙයි.

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ශීඝ‍්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. මේ විදිහට එළවළු මිල ගණන් වැඩි වෙන්න හේතුව වෙලා තියෙන්නේ ප‍්‍රදේශ කිහිපයකට බලපාලා තියෙන අධික වැසි තත්ත්වය. ඒ වගේම තවත් ප‍්‍රදේශ කිහිපයකට බලපාලා තියෙන නියං තත්වයත් කියලයි එළවලු ගොවියන් කියන්නේ.
මේ හේතුව නිසා අස්වනු ප‍්‍රමාණවත් විදිහට වෙළෙඳපොළට ලැබෙන්නේ නැහැ කියල තමයි වාර්තා වන්නේ. කොළඹ කොටුව මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ද සියයට 15කින් විතර වැඩි වෙලා තියෙනවා. කැරට් කිලෝවක් රුපියල් 150 ක්, ලීක්ස් කිලෝවක් රුපියල් 160ක්,මාලු මිරිස් කිලෝවක් රුපියල් 250ක් දක්වා මිල වැඩි වෙලා. ඒ වගේම දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේත්, නුවරඑළියෙන් ලැබෙන එළවළු වල මිල ගණනුත් 30% කින් විතර ඉහළ ගිහින් තියෙනවා

(under the courtesy of siyathafm.lk news web)

Related posts

ලක්ෂ 33ක ග්ලයිෆොසේට් රේගු දැලේ

Shiran Viraj

භානුක රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…

Shiran Viraj

තිරසර සංවර්ධන කාර්යයට ජපානය විශේෂ නියෝජිතයෙක් පත්කරයි

Shiran Viraj
Translate »