mediahumanrights.lk
News Political

‘‘එතුමා මට වඩා ක්‍රිකට් ගහලත් තියෙනවා, මම අර්ජුන රණතුංග. එයා නිකම්ම දයාසිරි. ක්‍රිකට් හදන්න කලින් තෙල් ප්‍රශ්නෙ විසඳන්න කියපු දයාසිිරිට අර්ජුන කියපු දේ. බලපෑම් ගැනත් කියයි.

පසුගිය දින කිහිපය පුරාවටම ලංකාවෙ වෙලාගෙන තිබුණු තෙල් අර්බුධය නිසා බොහෝ පිරිස් පීඩා වින්දා. මෙහි වගකීම විවිධ පාර්ශව වලට එල්ල කරන්නට බොහෝ දෙනා උත්සාහ කලා. ඒ අතරින්  ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංගට බොහෝ චෝදනාවන් එල්ල වුනා. ලංකාවේ ඇත්තටම ඇතිවුන මේ තත්වය ගැන අපි අර්ජුන රණතුංග අමාත්‍යවරයාගෙන් විමසීමක් කලා.එහිදී එතුමන් සඳහන් කලේ මේ රටේ බාල තෙල් බෙදීමට ඇති නොහැකියාව නිසා මෙම ප්‍රශ්නය උද්ගත වූ බවයි.
බාල තෙල් නිසා එක නැවක් හරවා යැවීමෙන් පසු මේ තරම් ප්‍රශ්නයක් රට තුල ඇතිවන්නට හේතූ වූ කරුණු ගැනද අප විමසීමක් කලා. එහිදී ඔහු සඳහන් කළේ මෙම අර්බුදය පිටුපස සිටි පුද්ගල කණ්ඩායමක්  විසින් මෙම ප්‍රශ්නය දුරදිග යැවීමට කටයුතු කල බවයි. එසේම සමාජයේ කතාබහට ලක්වුන අමාත්‍යවරයාට එල්ලවුනා යැයි කියන බලපෑම් සම්බන්ධයෙන්ද අප අමාත්‍යවරයාගෙන් විමසුවා. එහිදී ඔහු මෙලෙස ප්‍රකාශ කලා.‘‘ හුඟක් බලපෑම් ආවා. නමුත් මම ජනාධිපතිතුමාටයි, අගමැතිතුමාටයි ස්තුතිවනත වෙනවා. මට ඒගොල්ලන්ගෙන් බලපෑමක් ආවෙත් නෑ.එහෙම බලපෑම් ආවට කාටවත් ඔින විදියට කරන්න දෙන්නෙත් නෑ. ඒ දෙන්නගෙ සහයෝගයෙන් වැඩකටයුතු කරනවා.‘‘
මෙම බාල තෙල් නැව ලංකාවට ගෙනා IOC සමාගම පරණ පුරුද්දටම ඉන්ධන නැව ලංකාවට ගෙනාවේදැය අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු එය සමහර විට එසේ වෙන්නට ඇතැයි කියා අනුමත කලා.එසේම යහපාලන රජය පැමිණි සැනින් ඉන්ධන මිල අඩු කිරීම පිළිබඳවද අප අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කලා. එහිදී ඔහු සඳහන් කල එම මිල අඩු කිරීම තුලින් රජයට පාඩුවක් මෙන්ම පාරිභෝගිකයන්ට වාසියක් සිදු වුන බවද සඳහන් කලා.එසේම ඉදිරියේදී තෙල් මිල අඩු කිරීමක් සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවද ඔහු සඳහන් කලා.
එසේම ලංකාව තෙල් මිලදී ගැනීමේදී සිදුකරන ප්‍රමිති නිර්ණායක වැඩි බවට ඇති මතය පිළිබඳවද අමාත්‍යවරයාගෙන් විමසූවා.එහිදී ඔහු කියා සිටියේ ඉදිරියේදී යම් යම් වෙනස්කම් සිදු කිරීමට බලාපොරොත්තුවන බවත් ඒ පිළිබඳව මේ වන විට සාකච්චා මට්ටමින් පවතින බවත් කියා සිටියා.එසේම වෙනත් රටවල මෙන් තෙල් මිලදී ගැනීමේදී පෙරණයක් සිදුකර මිලදී ගැනීම තුලන් දැනට ඉන්ධන ලබා ගන්නවාට වඩා අඩු මුදලකට ලබා ගත හැකි බවත්, ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයිදැයි කියාත් අප විමසීමක් කලා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එහෙනම් මීට පෙර සිටි අය ඒ දේවල් කලේ නැත්තෙ ඇයි දැයි කියාය.
එසේම මෙම පවතින තත්වයත් සමග ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට සූදානම් වීම සම්බන්ධයෙන්ද අප අමාත්‍යවරයාගෙන් විමසුවා.එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳම මේ වන විට උසාවියේ නඩුවක් ඇති නිසා නඩුව අවසන් වීමෙන් පසු ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවයි. එසේම රටට අහිතකර කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලා.
එසේම පසුගියදා දයාසිරි ජයසේකර අමාත්‍යවරයා  ක්‍රිකට් හදන්න කලින් තෙල් ප්‍රශ්නය විසඳන්න කියපු කතාව ගැනත් අප අමාත්‍යවරයාගෙන් විමසීමක් කලා. එහිදී ඔහු දැක්වුයේ මෙවැනි අදහසක්.
‘‘එතුමා මට වඩා ක්‍රිකට් ගහලත් තියෙනවා, දන්නවා, හොඳ ක්‍රීඩකයෙක් ඒ නිසා එතුමා කියන එක අහගෙන අපි ඉමු.‘‘ දැන් ක්‍රිකට් වලට වෙලා තියෙන දේ මේ රටටම පේනවනෙ.ඒ නිසා දයාසිරි වගේ කෙනෙක්ට උත්තර බඳන්න මම කැමති නෑ.මම අර්ජුන රණතුංග. එයා නිකම්ම දයාසිරි.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ජපන් විශේෂඥ කණ්ඩායමේ වාර්තාව ජනපතිට බාරදෙයි

Shiran Viraj

චන්ද්‍රිකා කුණු වෙච්ච පුඩිමක්-ගම්මන්පිල

Shiran Viraj

එන්නත් පලමු මාත‍්‍රාව ගත් අයට දෙවන මාත‍්‍රාව දෙන තැන නාමල් කියයි…

Shiran Viraj