28.5 C
Colombo
2025-08-05
mediahumanrights.lk
Local NewsNews

ආපදාවන්ට මුහුණ දෙන්න රජයෙන් පස් අවුරුදු සැලැස්මක්

ඉදිරියේදී ඇතිවන ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම සදහා පස් අවුරුදු සැලැස්මක් සම්පාදනය කිරිමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනිමෙන් අනතුරුව එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් සමන් සේනාධීර මහතා සඳහන් කළේය.
සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඒකාබද්ධ කරගනිමින් පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරිමට නියමිතය.
ඒ අනුව ආපදා අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වූ අනිවාර්ය නිර්දේශ ඇතුලත් කරමින් එම සැලැස්ම සම්පාදනය කෙරෙන බව සමන් සේනාධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

කොරෝනා නිසා රුහුණු විශ්ව විද්‍යාලය අපහසුතා රැසකට මුහුණ දී ඇති බව සිසුන් කියයි

Shiran Viraj

දකුණු පළාත් සභාව උණුසුම්

Shiran Viraj

ගෝටාභය ජනාධිපති යටතේ මං අගමැති වීම ස්ථිරයි..

Shiran Viraj