mediahumanrights.lk
News Political

අබුඩාබි ඔටුන්න හිමි කුමාරයා සංවිධානය කළ සමුළුවට ඇමැති රාජිත යයි

බිල් ගේට්ස් පදනම, කාටර් මධ්‍යස්ථානය සහ අබුඩාබ් ඔටුන්න හිමි කුමාරයා එක්ව සංවිධානය කරන ගෝලීය සෞඛ්‍ය සමුළුව අබුඩාබියේ ගෝලීය වෙළෙද මධ්‍යස්ථානයේ දී ලබන හෙට (15) ආරම්භවීමට නියමිතය.
එම සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුලු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් සහභාගි වන අතර ඔවුන් ලබන අද (14) දිවයිනෙන් පිටත්ව යයි.
“බෝවන රෝග තුරන් කිරිම සදහා සියලු දෙනා එක්වීම” යන තේමාව යටතේ සමුලුව පැවැත්වෙයි.
අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා වන සෙයික් මොහොමඩ් බින්, බිල් ගේට්ස් පදනම සහ කාටර් මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන මෙම සමුළුව සදහා ගෝලීය සෞඛ්‍ය නායකයින් 200 කට අධික සංඛ්‍යාවක් සහභාගිවීමට නියමිතය.
සමුළුවේ දී මැලේරියා රෝගය තුරන් කිරීම පිළිබද විශේෂ අවධානය යොමු කිරීමට අපේක්ෂිතය.පසුගිය වසර 15 තුල මැලේරියා රෝගය තුරන් කිරිම සදහා ගත් ක්‍රියාමාර්ග සහ ප්‍රගතිය, ඉදිරි අභියෝග සහ ආර්ථික බලපෑම පිළිබදව මෙහිදී අවධානය යොමු කරයි.
මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාවට විශේෂ නැනක් හිමි වී ඇත. මැලේරියාව තුරන් කිරිම පිළිබදව පැවැත්වෙන සැසිවාරයේ දී ශ්‍රී ලංකාව 2016 වර්ෂය වන විට මැලේරියාව තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සහතිකය ලබාගැනීම, රජයේ කැපවීම, මැලේරියාව තුරන් කිරීමෙන් ලැබූ ප්‍රතිඵල, ජනතාවගේ මැදිහත්වීම සහ සෞඛ්‍ය අධ්‍යාපනය යන කරුණූ කෙරෙහි දැඩි අවධානය යොමු කිරීමට නියමිතය.
එම සැසිවාරය සදහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, ඇතුලු සෞඛ්‍ය බලධාරීන් 05 දෙනෙකු කරුණු දැක්වීමට නියමිතව ඇත. Dr. Pedro Aionso (Director Global Malaria Programme WHO), Austin Burt (Professor of Evolutionary Genetics – London), Dr. Richard Nchabi Kamwi (Ambassador, Elimination 8), Dr. Winnie Mpanju Shumbusho (Former Assistant Director General WHO), යන වෛද්‍ය බලධාරීන් ද මෙම සැසිවාරයේ දී අදහස් දැක්වීමට නියම්තය.
තව ද මෙම සමුළුවේ ප්‍රධාන කථීකයින් 12 දෙනෙකු අදහස් දැක්වීමට නියමිතය. එම කථිකයින් අතර ශ්‍රී ලංකාවේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද නම් කර සිටීම සුවිශේෂි කරුණකි. සමුළුවට සහභාගි වන අනෙකුත් ප්‍රධාන කථිකයින් වන්නේ
Dr. Tedros Adhanom Ghebreyesus (Director-General, World Health Organization), Ellen Agler (Chief Executive Officer, The END Fund), Dr. Pedro Alonso (Global Malaria Program, World Health Organization), H.E. Dr. Maha Barakat (Director General, Health Authority of Abu Dhabi and Roll
Back Malaria Board Member), Larry Brilliant (Acting Chair, Skoll Gobal Threats Fund), Austin Burt (Professor of Evolutionary Genetics, Imperial College, London), Mr. Bill Gates (Co-Chair & Trustee), Dr. Richard Kamwi (former Minister of Health, Namibia), H.E. Dr. Bandar M.H. Hajjar (President, Islamic Development Bank Group), Dr. Winnie Mpanju-Shumbusho (Director of the Guinea Worm Disease Eradication Program, The Carter Center), වෙයි.
මෙම සමුළුව අතරවාරයේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ බිල් ගේට්ස් පදනමේ නිර්මාතෘ හා ලොව ප්‍රධානතම ධනවතා වන බිල් ගේට්ස් අතර හමුව සිදු කිරීමට සැළසුම් කර ඇත. මෙම සමුළුව පිළිබද වැඩිදුර තොරතුරු “Reaching the Last Mile” නම් වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

Corona : ඇමරිකාච දිනකට රෝගීන් 10000 පන්නයි… ඕස්ට්‍රේලියාව එංගලන්තය දිනකට 1000 කට ලගයි.. ලෝකෙටම රතු එළියක්..

Shiran Viraj

ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක්.. සායනික පරීක්‍ෂණ අල කරවයි.. කුහකාචාරියෙක් ඒ පසුපස..

Shiran Viraj

IMF ණයට හම්බන්තොට වරාය ගිවිසුම හරහට හිටී…

Shiran Viraj