mediahumanrights.lk
International NewsNews

සිම්බාබ්වේහි පාලන බලය හමුදාව අතට

සිම්බාබ්වේහි පාලන බලය එරට හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන බවත් ජනාධිපති රොබට් මුගාබේ ආරක්ෂිත බව එරට හමුදාව නිවේදනය කර ඇත.
මේ අතර දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සුමා රොබට් මුගාබේ අමතා ඔහුගේ තත්ත්වය පිලිබඳ විමසා ඇති අතර ජනාධිපති මුගාබේ නිවාස අඩස්සියේ පසුවන බව ඔහු එහිදී පවසා තිබේ.
1980 වසරේ සිට රොබට් මුගාබේ සිම්බාබ්වේ හි පාලන බලය හොඹවනු ලබයි.
93 වන වියේ පසුවන මුගාබේ සිම්බාබ්වේ හි නිදහස් අරගලයේ වීරයා ලෙස සැලකෙයි.
මේ අතර බලය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එරට හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ කිසිඳු ලෙසකින් සිම්බාබ්වේහි හමුදා කුමන්ත්‍රණයක් සිදුව නොමැති බවයි.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

රසායනික පොහොර තහනමේ කිසිම වෙනසක් නෑ..

Shiran Viraj

පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

Shiran Viraj

පළමු වරට ඩොලරය 173 පහු කරයි

Shiran Viraj
Translate »