28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
International News News

සැඟවුණු රහස් අභිරහසක් කරමින් සමුගත් ජයලලිතාගේ මරණය ගැන අංශ 19 න් සැක මතුවෙයි

feature-top
තමිල් නාඩුවේ හිටපු මහ ඇමතිනි  ජයලලිතා ජයරාම්ගේ මරණය සම්බන්ධයෙන් සැක කටයුතු අංශ 19 ක් කෙරෙහි අවදානය යොමු කළ යුතු බව ජයලලිතාගේ මරණය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා ඉන්දීය රජය විසින් පත් කළ කොමිසම දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අදාළ අංශ 19 කෙරෙහි වහාම පරික්ෂණයක් පවත්වා කොමිසමට කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙසයි එම කොමිසමේ සභාපතිවරයා තමිල් නාඩු ප්‍රාන්ත රජයට දැනුම් දී තිබෙන්නේ.
තමිල් නාඩුවේ හිටපු මහ ඇමතිනි  ජයලලිතා ජයරාම්ගේ මරණයේ සැක පවතින බවට ජයලලිතාගේ පාක්ෂයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් පසුගියා දා චෙනායි ශ්‍රේෂ්ඨාධිකරණයේ  පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
එම පෙත්සම විභාග කිරිමෙන් අනතුරුව අධිකරණය තමිල් නාඩුවේ හිටපු මහ ඇමතිනි  ජයලලිතා ජයරාම්ගේ මරණය පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සඳහා විශේෂ කොමිසමක් පත් කරන ලෙස ඉන්දීය රජයට නියෝග කරනු ලැබුවා.
එම නියෝගයෙන් පසුවයි ඉන්දීය රජය විසින් මෙම විශේෂ කොමිසම පත්කරනු ලැබුවේ.
මෙම කොමිසම විවිධ කෝණවලින් පරික්ෂණ ආරම්භ කර ඇති අතර ජයලලිතාගේ නිවසේ සාමාන්‍ය කම්කරුවාගේ සිට ඇපලෝ රෝහලේ වෛද්‍යවරුන් දක්වා විමර්ශණය සඳහා කැඳවා තිබෙනවා.
එමෙන්ම ජයලලිතාගේ සමීපතම මිතුරිය වූ ශෂිකලා හා ඇගේ ඥාතීන් සම්බන්ධයෙන් මෙහිදී සැක පලවී ඇති අතර ඔවුන්ගෙන් ද කොමිසම හා රහස් පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.
ජයලලිතාගේ සහෝදරයාගේ දියණිය වන දීපා මෙම පරික්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වී ඇති අතර ඇයද කොමිසමට පූර්ණ සහයෝගය ලබාදෙමින් සිටිනවා.
දීපාගේ ස්වාමී පුරුෂයා වන මාධවන් පසුගියදා කොමිසම හමුවේ පෙනී සිටිමින් කරුණු පැහැදිළි කරනු ලැබුවා.
එම තොරතුරු ද පදනම් කරගෙන කොමිසම අංශ 19ක් ඔස්සේ සැක මතුව ඇති බව සඳහන් කර තිබෙනවා.
පැය 24 පුරාවට ක්‍රියාත්මක හදිසි ගිලන් රථ සේවාවක් ජයලලිතාගේ නිවසේ තිබියදී ඇපලෝ රෝහලින් ගිලන් රථයක් ගෙන්වීම.
ජයලලිතා ක්ලාන්තයෙන් වැටුණු අවස්ථාවේ දී ඇගේ නිවසේ සියළුම සීසීටීවී කැමරා අක්‍රිය වී තිබීම.
රෝගාතුරු වී පැය 3 කට පසු රෝහල් ගත කිරිම
ජයලලිතාගේ දේශපාලන උපදේශක හදිසියේම වෙනස් කිරිම
ඔහු හදිසියේ ම ශෂිකලාගේ දේශපාලන උපදේශක තනතුරට පත් කිරිම
ඇපලෝ රෝහලේ සීසීටීවී කැමරා දර්ශන මැකී යාම
ඇපලෝ රෝහලේ වෛද්‍යවරුන් ජයලලිතා මිය ගිය බව වසං කිරිම
ඇපලෝ රෝහලේ සිටි ජයලලිතාගේ සුව බැලීම සඳහා ළඟම ඥාතීන්ට ඉඩ නොදීම
ඇපලෝ රෝහලේ දී පාක්ෂිකයන්ට ජයලලිතාගේ සුව බැලීම සඳහා ඉඩ නොදීම
ඇපලෝ රෝහලේ දී වැඩ බැලු මහ ඇමති ඕ. පන්නීර් සෙල්වම්ට ඇතුල්වීමට ඉඩ නොදීම
ශෂිකලා විසින් ඇපලෝ රෝහලේ දී ජයලලිතාගේ ඇගිලි සලකුණු අත්සන් ලබාගැනීම
ජයලලිතාගේ මුදල් ගිණුම් හා දේපළ පරිපාලනයේ ව්‍යාජ ඇටෝනි බලතල ශෂිකලා විසින් සකස් කිරිම
ඇටෝනි බලතල අනුව එම දේපළ හා මුදල් ගිණුම් ශෂිකලා විසින් පරිහරණය කිරිම
ඉන්දීය ජනාධිපති, උප ජනාධිපති, වෙංගයියා නායුදු ,රාහුල් ගාන්ධි තමිල් නාඩු ආණ්ඩුකාරවරයා සහ විපක්ෂ නායක ස්ටාලීන් යන දේශපාලනඥයන්ට ඇපලෝ රෝහලේ දී ජයලලිතා බැලීමට අවස්ථාව ලබානොදීම
ඇයගේ දෛනික ආහාර වේල කිසිඳු වෛද්‍ය උපදෙසකින් තොරව ශෂිකලා විසින් වෙනස් කිරිම
ඇය අසාධ්‍ය තත්ත්වයෙන් සිටි අවස්ථාවේ ඇපලෝ රෝහලේ වෛද්‍යවරුන් ඇය සුවසේ සිටින බවට ව්‍යාජ වාර්තා නිකුත් කිරිම
මරණ පරික්ෂණ පැවැත්වීමට බාධා කිරිම
2016 වසරේ දෙසැම්බර් මස 20 වන දින ඇයගේ මරණය තැන්පත් කිරිමේ විශේෂිත පෙට්ටියට ඇණවුම් කිරිම
ශල්‍ය කර්මයෙන් ජයලලිතාගේ පාදයක් ඉවත් කළා ද ?
යන කරුණු 19 සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් බවත්වා වාර්තාව කඩිනමික් විශේෂ මරණ පරික්ෂණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙසයි එම කොමිසම තමින් නාඩු ප්‍රාන්ත රජයට නියෝග කර තිබෙන්නනේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා ගැන රජය කියන්නේ බොරු.. රටපුරා පනස්දාහක් ඉන්නවා.. නම් ගම් පවා දන්නවා..- මනෝ ගනේෂන්

Shiran Viraj

රවිගේ යෝජනාවට රවිම විරුද්ද වෙයි..

Shiran Viraj

මෛත‍්‍රී-රනිල් උන්නා නම් ලංකාව කොරෝනාවෙන් ඇමරිකාවත් පරදනවා..

Shiran Viraj