28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Sports Sports News

ශ්‍රී ලංකා පිළට අලුත් නායකයෙක්…? හතුරුසිංහ සමග සාකච්චා කරන්නත් නියමිතයි. 2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන එන අලුත් නායකයා කවුද..?

ශ්‍රී ලංකා එක්‌දින පිලට අලුත් නායකයෙක්‌ එකතු කරන්නට  ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව එම පත්කිරීම් එළඹෙන 30 වෙනිදා සිදුකිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මෙලෙස ශ්‍රී ලංකාවේ නව එක්‌දින නායකත්වය වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස්‌, නිරෝෂන් දික්‌වැල්ල සහ ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල්ගේ නම් යෝජනා වී තිබෙනවා. කෙසේ වෙතත් මේ  සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩ භාරගැනීමට නියමිතව සිටින චන්දික හතුරුසිංහ සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන් සහ තේරීම් කමිටුව කටයුතු කරනු ඇති බවද වාර්තා වෙනවා.
විශේෂයෙන්ම එක්‌දින තරග පිති ප්‍රහාරයේ ප්‍රහාරාත්මක වේගය මත චන්දිමාල්ට නායකත්වය ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවට ඇතැම් පාර්ශවයන් පවසනවා. ගතවූ මාස 11 ක කාලය තුල ශ්‍රී ලංකාව සහභාගී වූ එක්දින තරඟ 26 කදී ඉන් 2 ක්ම පරාජයට ලක්ව තිබුණා.ඒ අනුව මෙම කාලසීමාව තුල ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කළ හැකි වූයේ තරඟ 4 ක් පමණයි. මෙම එක්දින තරඟ පරාජ රැල්ල නවතා ගනිමින්  2019 ලෝක කුසලාන ඉලක්‌කය වෙනුවෙන් ස්‌ථිර නායකයකු පත්කිරීමටයි නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන්නේ. මෙහිදී හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්‌ට යළිත් ශ්‍රී ලංකාවේ එක්‌දින නායකත්වය ලබාදීමට වැඩි අවධානයක්‌ යොමුව තිබෙන බවද ඇතැම් පාර්ෂව වලින් නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.
2019  ශ්‍රී ලංකා එක්‌දින කණ්‌ඩායමේ නායකයා පිළිබඳව අදහස් දක්වමින්  ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රොයි පවසන්නේ   ”අපි එකදිගට එක්‌දින තරග පරාජය වෙනවා. ඒ නිසා අලුත් නායකයකු පත්කරන්න කටයුතු කරනවා. ලබන 30 වැනිදා නව නායකයා පත්කරනවා. ඉන්දියානු සංචාරයට යන්නෙ නව නායකයෙක්‌.” යනුවෙන්. කෙසේ වෙතත් වත්මන් ශ්‍රී ලංකා එක්‌දින කණ්‌ඩායමේ නායකත්වය ලබාදීමට සුදුසු ජ්‍යෙෂ්ඨයන් ලෙස ඉතිරිව සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න පමණක් වීමද විශේෂත්වයක්.
එසේම හිටපු නායකයාට නැවතත් නායකත්වය ලබා දෙන්නේදැයි ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු සඳහන් කරන්නේ විනය සහ දක්‍ෂතාවය තියෙනවනම් හොඳම කෙනාට නායකත්වය ලබා දීමට තමන් සූදානම් බවයි.එසේම පසුගිය දේවල් පිළිබඳව නොසිතා ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඉදිරි අනාගතය වෙනුවෙන් කටයුතු කල යුතු බවද ඔහු සඳහන් කරනවා. එසේම තවමත් නායකත්වය ලබා දෙන්නේ කාටදැයි තවමත් ස්ථිර වශයෙන්ම තීරණය කර නොමැති බවත් ඔහු සඳහන් කලා.
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස්‌ පසුගිය ජුනි මාසයේදී සිම්බාබ්වේ කණඩායම සමග පැවැති එකදින තරඟයේදී 3-2 ක්‌ ලෙස පරාජයට පත්වීමෙන් පසුව නායකත්වයෙන් ඉවත් වුනා. නමුත් එක්‌දින තරග විස්‌සකට වඩා වැඩි ප්‍රමාණයකට නායකත්වය ලබා දෙමින් ජයග්‍රාහී ප්‍රතිශතය 50% කට වැඩි ප්‍රමාණයක රඳවාගත් ක්‍රීඩකයින් පස්දෙනා අතරින් එක් අයෙක් වන ඇන්ජලෝ මැතිව්ස් තරග 98 කට නායකත්වය ලබා දී ජයග්‍රාහී ප්‍රතිශතය 51.07% ක අගයක් ලබාගෙන තිබෙනවා.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

දුම්වැටි තොගයක් රේගු බාරයට

Shiran Viraj

මිනිසුන්ට නුසුදුසු සහල් තොගයක් වෙලදපලට.. ආනයනකරු සුදුලූණු වංචා සමාගම…

Shiran Viraj

සරත් වීරසේකරගේ ප‍්‍රකාශයට පොහොට්ටුවේ පිරිසක් එරෙහි වෙයි

Shiran Viraj