31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

ශ්‍රී ලංකාවට පළමු වරට පරිගණකයක් ගෙනා 'නාත්' දිවි මගෙන් සමුගනී

ශ්‍රී ලංකාවට පළමු වරට පරිගණකයක් ගෙනා පුද්ගලයා ලෙස සැළකෙන ආචාර්ය නාත් අමරකෝන්  ඊයේ  (22)අභාවප්‍රාප්ත වුණා.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් සිවිල් ඉංජිනේරු උපාධියක් ලැබූ ඔහු
සහකාර කථිකාචාර්යවරයකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරනු ලැබුවා.
පසුව ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරුවරයකු වූ  නාත් අමරකෝන්, ආචාර්ය උපාධිය ලද්දේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්.
පසු කලෙක ඉංජිනේරු සංස්ථාවේ පර්යේෂණ අංශයේ ප්‍රධාන තනතුරට පත්වූ ඔහු එමගින්  මහත් සේවාවක් ඉටු කළා.
වෘත්තීයවේදීන්ගේ සංවිධානය,රාජ්‍ය සංස්ථා ඉංජිනේරු නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා බෞද්ධ පෙරමුණ සංවිධානය, විද්‍යාඥයින්ගේ සහ තාක්ෂණ සේවකයින්ගේ සංගමය, සමස්ත ලංකා විහාරාධිපති සම්මේලනය, සනාතන පදනම, එක්සත් සිංහල මහා සභාව ආදියේ ආරම්භක සාමාජිකයා ඔහුයි.
මියයන විට ඔහු  82වන වියේ පසුවූවා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ආදිවාසී නායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Shiran Viraj

බිත්තර හා කුකුළු මස් මිල ඉහලට..

Shiran Viraj

ඉදිරියේදී ඉන්ධන ගැටළුව තවත් දරුණු වෙනවා.. LC විවෘත කරන්නවත් බෑ… අත්පිට මුදලටත් අමාරුයි…- ඇමති

Shiran Viraj
Translate »