mediahumanrights.lk
Local NewsNews

රෙජිස්ටාර් කාර්යාලයේ සීල් 2ක් බොරු ඔප්පු හැදූ කත ගාවට ගියේ කොහොමද?

දොම්පේ, මාලිද , හපුගොඩ ප්‍රදේශයේදී කූඨ ලෙස සකස් කරන ලද නිල මුද්‍රා සහ ඉඩම් ඔප්පු තොගයක් සමඟ 53 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.
දොම්පේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
එහිදී සැකකාරිය සතුව තිබී ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ නිල මුද්‍රා 02ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද ඉඩම් ඔප්පු, ග්‍රාමසේවා සහතික කිහිපයක් සහ ජාතික හැදුණුම්පත් 03ක් ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන  තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
සැකකාරිය අද පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දොම්පේ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ජයග්‍රහණයේ සිහිනය ලංකාව වෙත හැරවූ අකිලට තියුණු සටනක් දුන් ඉන්දීය පිතිකරුවන් අතර ඊයේ තරගය දෝලනය වුණු හැටි

Shiran Viraj

වෙලදපලේ බිත්තර අතුරුදහන්…

Shiran Viraj

කොඩිඩ් කියලා හැංගිලා ඉන්න බෑ.. සංවර්ධනය නවතන්නේ නෑ…

Shiran Viraj
Translate »