27.2 C
Colombo
2026-09-12
mediahumanrights.lk
Local NewsNews

ගිංතොට සිද්ධිය සම්බන්ධයෙන් 19ක් අත්අඩංගුවට

ගාල්ල  ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඊයේ (17) රාත්‍රියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 19ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
දෙපාර්ශවයක් අතර ඊයේ (17) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් පසු ගිංතොට ඇතුළු ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
වැලිපිටිමෝදර, මහහපුගල, උක්වත්ත, ගිංතොට නැගෙනහිර සහ බටහිර, පියදිගම සහ කුරුදුවත්ත යන ප්‍රදේශවලට අද (18) උදෑසන නවය දක්වා මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
දෙපාර්ශවයක් අතර ඊයේ (17) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් පසු ගිංතොට ඇතුළු ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
වැලිපිටිමෝදර, මහහපුගල, උක්වත්ත, ගිංතොට නැගෙනහිර සහ බටහිර, පියදිගම සහ කුරුදුවත්ත යන ප්‍රදේශවලට අද උදෑසන නවය දක්වා මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.
නොසන්සුන්කාරී ලෙස හැසිරුනු පුද්ගලයින් හත්දෙනෙකු ද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් බ්‍රහස්පතින්දා (16) රාත්‍රියේ ඇති වූ ගැටුමක් මෙම සිද්ධියට මුල්  වී ඇති බවයි අනාවරණ වි ඇත්තේ.
මේ ප්‍රදේශයේ නවතම තත්ත්වය පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්.
නොසන්සුන්කාරි ලෙස හැසිරුනු පිරිස් අමාත්‍ය චන්දිම වීරක්කොඩිගේ ආරක‍්ෂක රථයකට ද අලාභහානි සිදුකර තිබෙනවා.
ෆයිසර් මුස්තෆා, රිෂාඩ් බදියුදීන් සහ චන්දිම වීරක්කොඩි යන අමාත්‍යවරුන් ප්‍රදේශයේ ඇති වූ තත්ත්වය පිළිබද සොයා බැලීමට යන අතරතුර එම රථයට අලාභහානි සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර මේ අතර ගාල්ලේ ප්‍රදේශ කිහිපයක ඇති වූ සුළු සිද්ධියක් දුරදිග යාමෙන් එය කලබලකාරි තත්ත්වයක් දක්වා වර්ධනය වීම පිළිබද රජය වෙනුවෙන් තමන් කණගාටුවට පත්වන බව අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සියලූ වගකීම් තමන් භාරගන්නා බවයි අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සුළු සිද්ධියක් ජාතිවාදී කලබලයක් දක්වා වර්ධනය කිරීමට පටු දේශපාලන වාසි අපේක‍ෂා කරන සීමිත පිරිසක් දැඩි උත්සාහයක නිරත වී සිටින බවයි.
ඔවුන්ගේ උසිගැන්වීම්වලට නොරැවටෙන ලෙසයි වජිර අබේවර්ධන අමාත්‍යවරයා එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ප්‍රදේශයේ ආරක‍්ෂාව දැඩි කර ඇති බැවින් සියලූ දෙනාට නිවෙස්වලට වී සිටින ලෙසද අමාත්‍යවරයා ප්‍රදේශයේ ජනතාවට දැනුම් දෙනවා.
කෙසේ වෙතත් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර ගාල්ල ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.
ගිංතොට ඇතුළු ගාල්ලේ ප්‍රදේශ කිහිපයක පැවති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති බැවින් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ.
අසත්‍ය ප්‍රචාර පතුරුවා අනවශ්‍ය කලබලයක් ඇති කරන පිරිස්වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද පොලිස්පතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj

3 Fitness goals you need to ditch immediately, according to a pro

Shiran Viraj

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුල සීල් තැබීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි

Shiran Viraj
Translate »