mediahumanrights.lk
Local News News

කෝටිපති ව්‍යාපාරික 'Kids World'හි අධිපති රංග සංජීව ලිපියක් ලියා දිවිනසා ගනී – ඡායාරූප සහිතයි

‘Kids World’ කොළඹට හඳුන්වා දුන් අතුරුගිරිය, කහන්තොට, අලූබෝවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික රංග සංජීව ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ.
ඔහු පංදිංචි ව සිටි නිවසේ දී ගෙළ වැලලාගෙන ඇති අතර මිය යෑමට පෙර ඔහු ලිපියක් ද ලියා ඇති බව පොලීසිය සඳහන් කරයි.
තමන් ලබාගත් ණය මුදලක් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් සියදිවි හානි කර ගන්නා බවට එම ලිපියේ දක්වා ඇති බව පොලීසිය පවසයි.
එලෙස මිය ගිය රංග සංජීව 38 හැවිරිදි එක්දරු පියෙකි. තලවතුගොඩ, මාලබේ සහ කොට්ටාව යන ප්‍රදේශවල ඔහුගේ ව්‍යාපාරය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර ඔහුගේ සේවකයන්ට ඔහු ඉතා කාරුණික ලෙස සැළකූ බව වාර්තා වේ.
(under the courtesy of hitnews.lk news web)

Related posts

හීලෑ අලි ඇතුන් හිඟයෙන් පෙරහර පැවැත්වීම අර්බුදයක – බස්නායක නිලමේවරු මහ නායකහිමිවරුන් හමුවේ

Shiran Viraj

මෙරට එන්නත්වල කෙරුවාව මෙන්න.. ඩෙල්ටා ප‍්‍රභේදයට ආරක්‍ෂාව 33%යි..

Shiran Viraj

චතුරංග ප්‍රථම පදක්කම දිනාගනියි

Shiran Viraj