28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
News Political

ආරක්‍ෂක හමුදා සාමාජිකයන් ගැන ජනපතිගෙන් විශේෂ තීන්දුවක්!

ආරක්ෂක හමුදා සාමාජිකයින් වෙත ඉහළ ප‍්‍රතිලාභ රැසක් හිමිකර දීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අදාළ හිමිකම් හා ප‍්‍රතිලාභ කඩිනමින් ආරක්ෂක හමුදා සාමාජිකයින් වෙත ලබාදීමට නියමිතය.
ඉඳුරාම ත‍්‍රස්තවාදී නොවන වෙනත් හේතුන් මත ක‍්‍රියාන්විත ප‍්‍රදේශයන්හිදී මියගිය සහ ආබාධිත වූ රණවිරුවන්ට මෙන්ම ක‍්‍රියාන්විත නොවන ප‍්‍රදේශවල මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටයදී මියගිය හා ආබාධිත වූ රණවිරුවන් සඳහා ද මාසික වැටුප් හා දීමනා හිමිකරදීමට කටයුතු කිරීම, ආබාධිතව යුද හමුදා සේවය හැරගොස් ඇති රණවිරුවන්ගේ වයස අවුරුදු 55 දී සේවා විශ‍්‍රාම වැටුප සියයට 85 ලෙස සංශෝධනය වීමේදී අහිමිවී ඇති දුබලතා විශ‍්‍රාම වැටුප නැවත ලබාදීමට කි‍්‍රයා කිරීම, යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්ව සේවා කාලය වසර 10/12 ට වඩා අඩු සේවා කාලයකින් විශ‍්‍රාමගොස් හෝ ඉවත්වගොස් ඇති නිලධාරින්/ සෙසු නිලයන් හට අහිමිව ඇති විශ‍්‍රාමික පාරිතෝෂිතය හිමිගැන්වීමට කි‍්‍රයා කිරීම, ස්වේච්ඡා බලසේනාවේ සේවය කොට මේ වන විට විශ‍්‍රාම ගොස් හෝ මියගොස් ඇති තවදුරටත් වැන්දඹු හා අනත්දරු විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයේ සාමාජිකත්වය ලබාගැනීමට මනාපය පළකිරීමට නොහැකිවූ විශ‍්‍රාමික සාමාජිකයන්ගේ හා මියගිය සාමාජිකයන්ගේ ප‍්‍රතිලාභීන් හට නැවත සාමාජිකත්වය ලබාදී ප‍්‍රතිලාභ හිමිකරදීමට කටයුතු කිරීම එලෙස ඉදිරියේ දී හිමිකර දීමට අපේක්ෂිත ප‍්‍රතිලාභ අතර වේ.
මේ අතර නව රජය බලයට පත්වීමෙන් පසු ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් වෙත ප‍්‍රතිලාභ රැසක් ලබාදීමට කටයුතු කර තිබෙන අතර 2016-01-01 සිට අදියර 05ක් යටතේ ඒකාබද්ධ වැටුප වැඩිකිරීම, රාජ්‍ය සේවයේ විධායක ශ්‍රේණියේ නිලධාරින් හට ගෙවනු ලබන රු 15,000 ක දීමනාව 2016-02-03 වන දින සිට ලූතිනන් කර්නල් නිලයෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හට ද ලබාදීම, ශී‍්‍ර ලංකා යුද හමුදා සේවයේ නියුතු නීතිඥ වෘත්තියේ නිලධාරින් හට රු 15,000 ක වෘත්තීය දිමනාව 2017-07-01 සිට ලබාදීම ඒ අතර වේ.
එමෙන්ම යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්වූ දුබලතාවය සියයට 50 ට වඩා අඩුවීම හේතුවෙන් වසර 5/12 සහ 20/22 ක සේවා කාලයක් සම්පූර්ණ කර මාසික වැටුප් හා දීමනා රහිතව විශ‍්‍රාමගොස් හෝ අස්වගොස් ඇති රණවිරුවන් වෙත නැවත වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදී දුබලතාවය සියයට 20ට වඩා වැඩි සාමාජිකයින් හට මාසික වැටුප් හා දීමනා හිමිගන්වා තිබුණ ද එම සාමාජිකයින් හට මුල් අවස්ථාවේ විශ‍්‍රාම හෝ අස්වගිය දින සිට බලපැවැත්වෙන පරිදි හිඟ වැටුප් හා දීමනා ගෙවීමට 2017-01-05 වන දින සිට අනුමැතිය ලබාදී තිබේ. එම හිඟ වැටුප් ලබාදීම සඳහා වෙන් කරන ලද මුළු මුදල රුපියල් බිලියන 6.3 කි.
යුද්ධයේදී ආබාධිත තත්ත්වයට පත්ව සේවා කාලය වසර 10/12 ට වඩා අඩු සේවා කාලයකින් විශ‍්‍රාම ගොස් හෝ අස්වගොස් ඇති නිලධාරින් හා සෙසු නිලයන් හට අහිමිව තිබූ සේවා විශ‍්‍රාම වැටුප් හිමිකම් ඔවුන් වෙත ලබාදීමට කටයුතු කර තිබෙන අතර 2014-12-17 වන දින සිට බලපැවැත්වෙන පරිදි 2016-11-11 දින සිට ගෙවීම සිදුකිරීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.
එමෙන්ම යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සහ ආබාධිතව වෛද්‍ය හේතුන් මත අස්ව යන රණවිරුවන් හට වයස අවුරුදු 55 දී සියයට 85 ක් ලෙස සංශෝධනය කර ගෙවනු ලබන විශ‍්‍රාම වැටුප සියයට සියයක් වන සේ ඉතිරි සියයට 15 ක ප‍්‍රතිශතය රණවිරු සුරැකුම් දීමනාව ලෙස ප‍්‍රතිලාභියා මියයන තෙක්ම ගෙවීම සඳහා 2017-01-01 දින සිට අනුමැතිය ලබාදී තිබේ.
2006-01-01 දිනට පෙර විශ‍්‍රාම ගිය ති‍්‍රවිධ හමුදා සාමාජිකයන්ගේ විශ‍්‍රාම වැටුප 6/2006(iv) වැටුප් සංග‍්‍රහයට අනුව සංශෝධනය කර 2015-07-01 දින සිට කි‍්‍රයාත්මක වන පරිදි වැඩි විශ‍්‍රාම වැටුපක් ලබාදීමට ද කටයුතු කර ඇත.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

හැමෝම බලාගෙන හිටපු සජිත් ප්‍රේමදාසට අද එජාපයේ ලැබුණු ඉහළම තනතුර මෙන්න

Shiran Viraj

පළමු තරගයේදීම නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය කඩා වැටේ

Shiran Viraj

කොරෝනාට ගොදුරු නොවන්නට වැඩ පිලිවෙලක්….

Shiran Viraj