29.5 C
Colombo
2026-02-17
mediahumanrights.lk
BusinessBusiness NewsNews

සුපිරි අධිවේග මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

දකුණු ආසියානු කලාපයේ වැඩිම ඉල්ලුමක් ඇති දත්ත සම්පේ‍්‍රෂණ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ශී‍්‍ර ලංකාවට හිමි ස්ථානය තවදුරටත් ඉහළ නංවමින් ශී‍්‍ර ලංකා ටෙලිකොම් පී.එල්.සී ආයතනය විසින් මාතර ප‍්‍රදේශයේ ස්ථාපිත කරන ලද SEA-ME-WE 5 මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ විවෘත කෙරිණි.
ශී‍්‍ර ලංකාව වෙත 48 Tbps ක වේගයෙන් යුතු ගෝලීය බෑන්ඩ්විත් පරාසයක් හිමිකර දෙමින් අග්නිදිග ආසියානු, මැදපෙරදිග හා බටහිර යුරෝපීය කලාපයේ රටවල් 17 ක විදුලි සංදේශ සමාගම් රැසක සහභාගිත්වයෙන් ආරම්භකර තිබෙන මෙම නවීන මුහුදු සංදාම පද්ධතිය ශී‍්‍ර ලංකා ආර්ථිකය ඩිජිටල්කරණ යුගයක් කරා පියවර තබමින් සිටින අවස්ථාවක ජාත්‍යන්තර සේවා සැපයූම් වඩා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් කි‍්‍රයාත්මක සුවිශේෂී ව්‍යාපෘතියකි.
මුහුදු සංදාම පද්ධතියෙහි හුවමාරු මධ්‍යස්ථානය මෙහිදී ගාල්ලේ සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණු අතර අනතුරුව ගාල්ලේ ස්ථාපිත රැහැන් ඩිපෝව සඳහා මුල්ගල් තැබීම ද ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් සිදු විය.
අමාත්‍යවරුන්වන හරීන් ප‍්‍රනාන්දු, මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය තාරානත් බස්නායක, දකුණු පළාත් අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(under the courtesy of adaderana news web)

Related posts

ගොඩබිමට ආ දුර්ලභ මත්ස්‍යයා භූමිකම්පාවක පෙර නිමිත්තක් (VIDEO)

Shiran Viraj

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව බාර නොදෙයි.. වෙසක් උත්සවයක් අවලංගුයි..

Shiran Viraj

අනුර ඡන්ද කෝටියෙන් නවතින්නෑ.. කෝටි දෙක දක්වා යනවා..

Shiran Viraj
Translate »