27.5 C
Colombo
2026-10-16
mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ දෙවැනි හදවත් ශල්‍යකර්මයේදි සචිනිගේ හදවත නවතී – සැගවුනු සියල්ල ටික ටික එළියට

අරගල රැසක්‌ මධ්‍යයේ මහනුවර මහ රෝහලේ හෘද කපාට ශල්‍ය ඒකකයේදී ඉකුත් විසිහය වැනිදා රාත්‍රියේදී හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයට ලක්‌ කළ දහනව හැවිරිදි සචිනි සෙව්වන්දි පෙරේදා (30 දා) මියගොස්‌ ඇත.
ලංකාවේ දෙවැනි හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය වූ මේ සඳහා හදවත ලබාදුන් හාරගම නලින්ද බණ්‌ඩාරගේ හදවත ද නිශ්චිතව නතර වූයේ පෙරේදාය.
මාස හතක්‌ පුරා මහනුවර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අලුත්ගම සචිනි සෙව්වන්දි ගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකොට ඇත්තේ, යටිනුවර මහනුවර හදිසි මරණ පරීක්‍ෂක භාරත විඡේකෝන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. එන්. සී. සේනාරත්න යන මහත්වරුන් විසිනි. ඔවුන් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවෙන් දක්‌වා ඇත්තේ රෝගියාගේ පෙනහැල්ලේ අධික රුධිර පීඩන තත්ත්වයක්‌ ඇතිවීම මත, හෘද වස්‌තුව අකර්මන්‍ය වීමෙන් මරණය සිදුව ඇති බවට අනුමාන කළ හැකි බවයි.
මියගිය සචිනිගේ පෙනහැල්ලේ අධික රුධිර පීඩනයට හේතුව සහ එය මරණයට හේතුවූ අන්දම සම්බන්ධයෙන් වෛද්‍ය නිගමනයන් රෝග නිශ්චය තුන්ඩුවේ සඳහන් කොට නැති බවද දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ සිදුකොට සචිනිගේ මරණයට හේතු නිශ්චිතව හඳුනා ගැනීම ඉදිරි ශල්‍යකර්මයන්ට පහසුවක්‌ වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය බවද දැනගන්නට ඇත.
ශල්‍යකර්මයෙන් පසුව සචිනි දරුණු ආසාදන තත්ත්වයකට ගොදුරුව සිට ඇති බවට රුධිර පටකයන්හි ව්‍යාධීන්ට ලක්‌ව ඇති බවටද තොරතුරු දැනගන්නට තිබේ. මියගිය සචිනිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (4 දා) සවස 4 ට අලුත්ගම පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

Related posts

‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි..

Shiran Viraj

අද පැය 12ක ජල කප්පාදුවක්

Shiran Viraj

දිනක් තුළ කොරෝනා මරණ 2000 ඉක්මවු පළමු රට බවට අමෙරිකාව පත්වෙයි

Shiran Viraj
Translate »