mediahumanrights.lk
Local NewsNews

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් වූ තරුණියක් මරුට

මහනුවර මහ රෝහලේ හෘද, උරස් ශල්‍ය වෛද්‍ය ඒකකය මගින් හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට ලක් කර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි තරුණියක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අලූත්ගම, කළුවාමෝදර ප‍්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක්.
එම තරුණියට මොළය මියගිය තරුණයෙකුගේ හදවතක් බද්ධ කිරීමේ සැත්කම සිදු කෙරුණේ ඉකුත් 27 වන දිනයි.
මෙය මහනුවර මහරෝහලේදී හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කෙරුණු දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර එම රෝහලේදී කාන්තාවකට හදවතක් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කළ අතර එම සැත්කම සාර්ථක වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

එකතු වෙමු කිව්වාම එකතු වුණේ නෑ ෆ්ලෑෂ් බැක් රොෂාන්

Shiran Viraj

ළමයෙක් පාසලට ඇතුළත් කර ගැනීමට අල්ලස් ගත් විදුහල්පතිනිය අත්අඩංගුවට…

Shiran Viraj

කොත්තු, රයිස්, කෙටිකෑම මිල වැඩි කලේ පොල් මිල යාම නිසා..- ආපන ශාලා සංගමය

Shiran Viraj
Translate »