23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
NewsPolitical

රට රත් කර ජනප්‍රියත්වය අඩු කරන ක්‍රමය ගම්මන්පිල හෙළි කරයි

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ සිටිමින් එහි කටයුතු මන්දගාමී කිරීමත් ඒ තුළින් ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු කිරීමත් තමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ අභිමතාර්ථය වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
අද(25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියේය.
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙල කුමක් ද යන්න දැන ගෙන ඒ පිළිබඳ මතවාදයන් ජනතාවට ප්‍රකාශ කිරීමට හැකියාව ඇති බැවින් ඒ තුළ තව දුරටත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැදී සිටින බවත් පැවසූ ගම්මන්පිල මහතා, මහා සංඝයා පවා ව්‍යවස්ථාවේ ඇති භයානක බව දැන ගත්තේ එම හෙළිදරව් කිරීම් තුළින් යැයි පැවසීය.
කෙසේ වෙතත් ඒකාබද්ධයේ අභිප්‍රාය මෙම ව්‍යවස්ථා ක්‍රියාවලිය මන්දගාමී කිරීම බවත් ඒ තුළින් ආණ්ඩුවේ ජනප්‍රියතාවය බිඳ දැමීම බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
එවැනි පසුබිමක් ඇති කළ විට ජනතාව තම ඡන්දය ආණ්ඩුවට එරෙහිව  පාවිච්චි කරන බව ද කියා සිටි ගම්මන්පිල මහතා ව්‍යවස්ථා විරෝධී රැල්ලක් රටේ ඇති වුයේ එවැනි කරුණු මත බවද සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

Shiran Viraj

ඖෂධ ගන්න සල්ලි නෑ.. අපට කීය කීය හරි දෙන්න.. සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් යදී…

Shiran Viraj

2017 අවසන් වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්නයි

Shiran Viraj
Translate »