30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
LIFE LIFE NEWS News

සැත්කම් එපා හෙළ ඔසුවෙන් අස්‌ථි ආබාධ සුවකළ හැකියි

ආයුර්වේදයට නෑකම් කියන, පාරම්පරික දේශීය වෙදකම අපට උරුම වී ඇත්තේ පුරාණයේ විසූ සෘෂීන් ගෙනි. එතුමෝ චිත්ත බලය යොදා භාවනානුයෝගීව එම ඖෂධයන්ගේ ප්‍රතිශක්‌තිය නිර්මාණය කළ අතර මේ ක්‍රමවේදය රාවණා රජ සමය දක්‌වා ඈතට දිව යන්නේය. පුස්‌කොළ පොත් ඇසුරෙන් ග්‍රන්ථකරණය වූ මෙම වෛද්‍ය ක්‍රමය පරම්පරාගතව සමාජයේ පැවතියත්, චිකිත්සා ක්‍රමයන් ඒ ඒ පරම්පරාවන්ට විවිධ ක්‍රමයන්ගෙන් උරුම වී ඇත. එමෙන්ම සර්වාංග වෙදකම පාරම්පරික වෛද්‍ය ක්‍රමයන් හා ක්‍රමවේදයන් මූලධර්ම අනුව එකක්‌ වුවත් විවිධත්වයෙන් වෙනස්‌ වන අයුරින් චිකිත්සාවන්ට එක්‌ වනුයේ ආවේණිකව පරම්පරාගතවයි.
කැඩුම් බිඳුම් වෙදකමේදී අස්‌ථි රෝගය කුමක්‌ වූවත්, එනම් කැඩීම්, බිඳීම්, පිපිරීම්, තැලීම් සහ අස්‌ථි දිරායැම් (ඔස්‌ටියෝපොරෝසීස්‌) යන රෝගාබාධ දේශීය ප්‍රතිකාර තුළින් සුවකිරීම දක්‌ෂ වෛද්‍යවරයකුට එතරම් අපහසුවක්‌ නැත. මෙහිදී රෝගියාගේ වයස, රෝගයේ ස්‌වභාවය හා ඖෂධ සංයෝගය වෙදදුරු විසින් වටහාගෙන කරන ප්‍රතිකාරය අති සාර්ථකත්වයක්‌ ගන්නා බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක්‌ නොවේ.
අස්‌ථි රෝග පිළිබඳව විමසුම් ඇස යොමු කරද්දී අපට වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ කොන්දේ ආබාධවලට, හන්දිපත් රෝගාබාධ, සහ අස්‌ථි දිරායැම් (ඔස්‌ටියෝපොරෝසීස්‌) ලක්‌ වු රෝගීන්ය. මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා අන්තිමේදී සුවයක්‌ නොලැබුණු තැන ශල්‍ය කර්මයන්ට පවා නියම වූවෝ වෙති. එහෙත් මෙහිදී ඇතැම් අයෙක්‌ ප්‍රකාශ කළේ එම ශල්‍යකර්ම වැරැදී ගියහොත් සදාකාලික අබ්බගාතයකු වීමටද ඉඩ ඇති බවකි.
එසේ නම් මෙවැනි සැකමුසු ප්‍රතිකාරයකට යොමු වී තම සදාකාලික දුක්‌ ගොඩකට ඇද වැටී අපාදුක්‌ විඳීමේ අවදානමකට වඩා දේශීය ප්‍රතිකාරයකින් ලබන සුවය කෙතරම් වටින්නේද?
අද අප ඔබට හඳුන්වා දෙන්නේ කොන්දේ ආබාධවලට ලක්‌ වූ රෝගීන්, හන්දිපත් රෝගාබාධයන්ට සහ අස්‌ථි දිරායැම්වලට ලක්‌ වූවන් සුවපත් කිරීමට මහත් ප්‍රසිද්ධියක්‌ උසුලන වැලිගම බොරාල පාරේ මදනායක වෙදදුරුවරයායි.
ඔබ රෝගාබාධයන්ට පිහිට වන්නේ කෙසේද?
මේ සිංහල වෙදකම පිළිබඳව කතා කරන කොට ආසියාවේ තිබෙන පැරැණිම වෙදකමක්‌ කියලා කිව්වොත් ඒකෙ වරදක්‌ නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට අවිච්äන්නව පැවත එන මේ වෙදකමේදී ඒ ඒ පරම්පරාවලට ආවේණික වුණු ප්‍රතිකාර විධි තියෙනවා. දැන් මම කරන්නේ අපේ පරම්පරාවට උරුම වුණු වෙදකමක්‌.
ගොඩාක්‌ රෝගවලට බලපාන්නෙ කොඳු ඇට පෙළේ ආබාධ වගේම ඒ ආශ්‍රිතව ඇති නිල අවහිර වීම සහ අස්‌ථි දිරායැම්.
ඔස්‌ටියෝපොරෝසීස්‌ හෙවත් අස්‌ථි දිරායැම රෝග තත්ත්වය පිළිබඳ කෙටි හැඳින්වීමක්‌ කළහොත්?
කාටිලේජ විනාශ වීමෙන්, කැල්සියම් අඩුවීම නිසා, මෙම රෝග තත්ත්වය ඇති වෙනවා. සමහර ඖෂධ මගින් අස්‌ථි දිරායා හැකියි.
කුමන වයස්‌වල අයටද මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ?
ස්‌ත්‍රී පුරුෂ බේදයකින් තොරව අවුරුදු 50 ට වැඩි සියලුම දෙනා මෙම රෝගයට ගොදුරු විය හැකියි. ඒ වගේම අඩු වයස අයටත් මෙම රෝග වැළඳීමේ ප්‍රවනතාවක්‌ තිබෙනවා.
මෙම රෝගයෙන් ශරීරයේ කුමන අස්‌ථිවලටද බලපෑමක්‌ ඇති වන්නේ?
බොහෝ විට කොඳුඇට පෙළේ සහ අතපයවල සන්ධිවල, සහ ශරීරයේ සියලුම අස්‌ථිවල රෝගය හට ගැනීමට හැකියාව තිබෙනවා.
රෝග ලක්‍ෂණ ගැන සඳහන් කළහොත්?
තද වේදනාවක්‌ ඇති වීම, අස්‌ථි ඉදිමුම, අස්‌ථි අතර ශබ්දය, දණහිස්‌ අස්‌ථියේ බකල් වීමක්‌, කොන්දේ අස්‌ථිය විශාල වීමක්‌. තද වේදනාව, කුදු වීමක්‌ සිදුවෙනවා. නැඟිටීමේදී උස්‌පහත් වීමේදී අස්‌ථිවල තද බල වේදනාවක්‌ ඇති වෙනවා.
දේශීය වෛද්‍ය ක්‍රමයට රෝගය හඳුනාගත හැකිද? ප්‍රතිකාර තිබේද?
එම රෝගය ඇති ස්‌ථානය ස්‌පර්ශ කිරීමෙන් රෝගය හඳුනාගත හැකියි. ඒ වාගේම අපි මුලින්ම හඳුනාගන්නෙ රෝගියා හොඳට පරීක්‍ෂා කරලා. සමහර අයගෙ කියන තරම් රෝග දරුණු නැහැ. අපේ අත්දැකීම් තුළින් රෝගියා කියන දේත් කියන්න හදන දේත් හොඳටම තේරුම් අරගෙන තමයි ප්‍රතිකාර කරන්නෙ.
දේශීය වෙදකමේ ප්‍රතිකාර තුළින් අස්‌ථි දිරායැම වළක්‌වා ගත හැකියි. කාටිලේජ වර්ධනය කර ගැනීමේ ප්‍රතිකාර ක්‍රම දේශීය වෛද්‍ය ක්‍රමය තුළ තිබෙනවා.
තවත් විශේෂ දෙයක්‌ කිව යුතුමයි. ඇතැම් රෝගීන්ට තියන ආබාධ එමටයි. ඒ ආබාධ එක දවසකින් සුවකර ගෙන යන්න එන අයත් ඉන්නවා. එහෙම රෝග එක දවසකින් සුව කරන්න තරම් පුළුවන්කමක්‌ නැහැ. ඇතැම් විටෙක සතියක්‌ දෙකක්‌ එක තැනක ඉඳල ප්‍රතිකාර ගත්තොත් අපි පැහැදිලිවම ඒ රෝගියා සුවපත් කරලා යවනවාමයි.
මේ තත්ත්වය අපි කියන්නේ කිසියම් වගකීමකින්. බටහිර වෛද්‍ය විද්‍යාවේදී කියන ඇට දිරායැම, එහෙමත් නැත්නම් බද්ධ කිරීම අප ගණන් ගන්නේ නැහැ. එහෙම කියන ආබාධවලට ඉතා සාර්ථක වෙදකමක්‌ අපි ළඟÊතියෙනවා. මේ ප්‍රතිකාර ක්‍රමය යමෙකුට පැහැදිලි කරන්න අමාරුයි. ඒ තරමට ගැඹුරුයි. ඒත් අපට ඉගෙනීමෙන් හා පළපුරුද්දෙන් හොඳ අවබෝධයක්‌ තියෙනවා.
අස්‌ථිවල, සන්ධිවල වගේම උකුල් අස්‌ථිවල කාටිලේජ වර්ධනය නොවීමෙන් ශබ්ද ඇතිවීම්, වේදනාව, ඇවිදීමේ අපහසුව නිතරම දකින්න පුළුවනි. මේ වගේ අවස්‌ථාවලදී අපි කාටිලේජ වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කරල මෙම රෝග සුව කරවලා දෙනවා. අපි පැහැදිලිව යමක්‌ කියනවා නම් කැඩුණ අස්‌ථියට වුණත් එය සවිවීමට කාටිලේජවල වර්ධනයක්‌ අවශ්‍යයි. මේ වගේ අවස්‌ථාවක රෝගියාගේ වයස සැලකිල්ලට ගත යුතුයි.
රෝගවලදී සම්බාහනය කිරීමක්‌ හා නිල තෙරපුමක්‌ අවශ්‍යයි. ඒ කරන්නේ අපි පැරැණි ඖෂධ ඇඟපුරා ගැල්වීමෙන් පස්‌සෙ. මේ ප්‍රතිකාරය කොන්දේ ආබාධවලට අමතරව අනෙකුත් රෝගයන් සමනයටත් ඉවහල් වෙනවා.
ඉහත සඳහන් කළ කොඳු ඇට පෙළ සම්බන්ධව පවත්නා රෝග මොනවාද? එම රෝග ඇතිවන්නේ කවර ආකාරයෙන්ද? ඒවා සුව කළ හැකිද?
ළමයකු දිවීමෙන් උසකින් පැනීමෙන් වැටීමකින් කොඳු ඇට පෙළ ආශ්‍රිතව රෝග සෑදෙනවා. වැඩිහිටි අයකු නම් බර ඉසිලීමෙන් පහත් වී එක දිගට වැඩෙයෙහි යෙදීමෙන් කය වෙහෙසා වැඩ කිරීමෙන්” පහරක්‌ වැදීමෙන්, උඩකින් වැටීමෙන් සූෂුම්නාවට හානිවීම් ඇතිවේ. සමහර විට මේ ආශ්‍රිත රෝග සුළු වශයෙන් පැමිණ කල්ගත වන විට රෝගය උත්සන්න වී වාඩි වී සිටීමට නොහැකි තත්ත්වයක්‌ ඇතිවේ. තවත් සමහර අයට ත්‍රිකාෂ්ථිය පෙදෙස හෙවත් තුනටිය ප්‍රදේශය ඇද වේ. පැත්තට යැමේ තත්ත්වයක්‌ ඇති වේ.
මුල් අවස්‌ථාවේ නිවැරදි ප්‍රතිකාරයන් නොලද හොත් තුනටිය පැත්තට යැමේ තත්ත්වයන් ඇති වේ. ඞ කිරණ පරීක්‍ෂාවේදී තවත් අයගේ අස්‌ථි දෙකක පරතරය වැඩි බවක්‌ පෙනේ. තවත් සමහර අයගේ අස්‌ථි දිරා යැම දක්‌වා වර්ධනය වේ. මෙවැනි අවස්‌ථාවන් ඇති වූ විට බටහිර වෛද්‍ය ක්‍රමයට ශල්‍යකර්ම කිරීම සිදු කරයි. එහෙත් ඔවුන්ට බර ඉසිලීම පහත්වීම් කිරීමට හැකි වන්නේ නැහැ. අප වෙත පැමිණෙන සමහර රෝගීන් ශල්‍යකර්මයන්ට භාජන වූ අය. ඔවුන්ට කල්යත්ම කකුල් දෙක දක්‌වා වේදනාව ඇති වෙනවා. මේ කුමන අවස්‌ථාවක රෝග තත්ත්වයක්‌ තිබුණත් ආයුර්වේද ක්‍රමයට හා දේශීය වෛද්‍ය ක්‍රමයට ඉතා සුළු කලකින් සුව කිරීමට පුළුවන්.
මදනායක වෙදැදුරුගේ තවත් දක්‍ෂතාවක්‌ වන්නේ කොඳුඇට පෙළ ඇදවීම, පැති කුදය සහ කුදුවීම සඳහා ප්‍රතිකාර කිරීමටද මහත් ප්‍රසිද්ධියක්‌ ඉසිලීමයි.
මේ පිළිබඳව මදනායක වෛද්‍යාචාර්යතුමා ගෙන් තොරතුරු විමසුවෙමි.
කොඳුඇට හෙවත් පෘෂ්ඨවංශස්‌ථි රෝග හටගන්නේ වැටීමෙන්, බර ඉසිලීමෙන් වගේ දේවලින් සමහර විට මේ තත්ත්වය මුල් අවස්‌ථාවේදී පොඩි වේදනාවක්‌ හට ගන්නවා. කල්යනකොට මේ වේදනාව වැඩි වෙනවා. මේ තත්ත්වයේදී සිටගෙන සිටීම වගේ පහත් වීමත් අපහසු වෙනවා. මෙතැනදී තියෙන තත්ත්වයක්‌ තමයි මේ වේදනාව දෙපා දක්‌වා පැතිරී යැම.
මේකට අපේ අය වේදනා නාශක පෙති අරගෙන තාවකාලික සුවයක්‌ ලැබුවට රෝගය එතැනමයි. ඊට පස්‌සෙ වෙන්නේ ක්‍රමයෙන් රෝගය වර්ධනය වෙලා කල්යනකොට කොඳුඇට පෙළ පහළ කෙළවර ශ්‍රොaණි ඵලකය සම්බන්ධ ස්‌ථානයෙන් හා ශ්‍රොaණි ඵලකය පැත්තට යැමක්‌ සිදු වෙනවා. මෙතැන්දී ඒ වගේ අය පැත්තට ඇලවෙලා තමයි ගමන් කරන්නේ.
මේ වගේ අවස්‌ථාවලදී අපේ පැරැණි වෛද්‍ය ක්‍රම භාවිතා කරල රෝග තත්ත්වය සුව කළත් බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නේ ශල්‍ය කර්මයක්‌ කළ යුතුයි කියලා. මම දන්නේ නැහැ. ඒක කොච්චර දුරට සාර්ථකද අසාර්ථකද කියලා. කොහොම වුණත් අපේ පැරැණි වෙදකමට නම් මේක සියයට සියයක්‌ම සාර්ථකයි. විසඳල දීමේ ප්‍රතිකාර තියෙනවා.
ඒ වගේම කියන්න ඕන සමහර කොන්දේ ආබාධ සහ අස්‌ථි රෝගවලට පිටරට රැගෙන ගොස්‌ විශාල මුදලක්‌ වැයකොට සැත්කම් කළ යුතු යෑයි වෛද්‍යවරු නිර්දේශ කළ විශාල රෝගීන් සංඛ්‍යාවක්‌ මම හෙළ ඔසුවෙන් සුව කරල තියෙනවා.
අස්‌ථි ආබාධ හා කොන්දේ අමාරුවකින් ඔබත් පෙළෙන්නේ නම් දු. ක. 0412251321/0775565458 අංකයට කතාකර වැඩිදුරටත් උපදෙස්‌ ලබා ගන්න.
divaina.com

Related posts

රයිනි චාරුකාගේ නිවස කොල්ලකාලා- මංගල මුද්දත් උස්සලා

Shiran Viraj

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අදත් විදේශ කටයුතු අමාත්‍යාංශයට එයි

Shiran Viraj

ලිත්‍රො සමාගමේ අයිතිය තමන්ට ඉල්ලා ලාෆ් නඩු යයි..

Shiran Viraj