28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා-පකිස්ථාන පළමු තරඟයේ අවසන් දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්  ක්‍රිකට් තරඟයේ 05 වන සහ අවසන් දිනය අදයි.
ඊයේ දිනයේ තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් බිද වැටී ලකුණු 69ක් ලබා සිටියි.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 16ක් සහ සුරංග ලක්මාල් ලකුණු 02ක් ලබා සිටියි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 04ක ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට පකිස්ථාන  පන්දු යවන්නන් සමත් වුණි.
දිමුත් කරුණාරත්න ලකුණු 10ක් ලබා ගත් අතර කෞෂාල් සිල්වා ලකුණු 25කට දැවී ගියේය.
පළමු ඉනිමේදී විශිෂ්ඨ පිති හරඹයක නිරත වූ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු  07කට දවා ගැනීමට යසීර් ෂා සමත් වූ අතර  දෙවන ඉනිමේදී ද අසාර්ථ වූ ළහිරු තිරිමාන්නට ලබාගත හැකි වූයේ ලකුණූ 07ක් පමණි.
මෙම තරඟයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 419ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස පකිස්ථාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 422ක් ලබා ගැනීමට සමත් වුණි.
blob:http%3A//tvchannels.tharunaya.us/19afd585-6605-4791-9e3b-3b1fa99a8bbe
 
 

Related posts

කොරෝනා වෛරසය නිසා ඉතාලිය දැඩි අර්බුදයක

Shiran Viraj

පොලිසියේ 17ක් කුඩු ගහලා මාට්ටුයි…

Shiran Viraj

නිදා ගන්නේ ජංගම දුරකතනය ඇදේ තියලද

Shiran Viraj
Translate »