2026-09-01
mediahumanrights.lk
Local NewsNews

කෑම වේලට ලුණු මදි යැයි කියා බිරිය මැරූ පාපතර සැමියාට අත්වූ ඉරණම..

උදේ උයා පිහාදුන් කෑම වේලේ වෑංජනවලට ලුණු මදි යැයි ඇති වූ බහින්බස් වීමකින් පසු පොල්ලකින් පහරදී බිරිය ඝාතනය කළ සැමියකුට බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවමක් නියමකොට එය වසර 15ට අත්හිටුවා රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස ඊයේ (2දා) කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ මහතා නියෝග කළේය.
මෙලෙස අත්හිටුවූ සිරදඬුවම් හා දඩ මුදල් ගෙවීමට සිදු වූයේ අරණායක පොලිස් වසමේ අට්ටාපිටිය පදිංචි ඒ.ජී.එල්. විජේරත්න බණ්ඩාර නමැති දෙදරු පියකුටය.
2013 ජනවාරි 29 දින හෝ ඊට ආසන්න දිනකදී අරණායක පොලිස් වසමේ අට්ටාපිටිය පදිංචිව සිටි අනෝජා දීපානි දිසානායක නමැති දෙදරු මව, ඇය විසින් උදේ ආහාර සිය සැමියාට බෙදා දී ඇත. පසුව විත්තිකරු වෑංජනවලට ලුණු මදි යැයි පවසා පොල්ලකින් පහරදී බිරිය සිය නිවෙසේදී ඝාතනය කොට තිබිණි. ඒ වන විට දරු දෙදෙනා පාසල් ගොස් තිබිණි.
පසුව සැකකරු අරණායක පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මාවනැල්ල අධිකරණයෙන් පසුව සැකකරුට එරෙහිව නීතිපතිවරයා වෙත යොමු කොට අදාළ නඩුව කෑගල්ල පළාත් බද මහාධිකරණය වෙත යොමු කොට තිබිණි.
ඊයේ (2දා) තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු අතර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිමල් ජයසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට දැනට වයස අවුරුදු 15 පිරිමි දරුවෙක් හා වයස අවුරුදු 14ක දියණියක් සිටින බවත්ය.
ඔවුන් දෙදෙනා භාර ගැනීම බිරියගේ ඥාතීන් ප්‍රතික්‍ෂේප කරන බවත් විත්තිකරුගේ එකම බාල සොහොයුරියත් අසනීප තත්ත්වයෙන් පෙළෙන බවත් අධිකරණයට දැන්වීය.
විත්තිකරුට මරණ දණ්ඩනය නියම වුවහොත් දරු දෙදෙනා අසරණ වන බවත් විත්තිකරු සිතා මතා පහරදී ඝාතනය කළ එකක් නොවන බවත් අධිකරණයට පැවැසීය.
පසුව මහාධිකරණ ධම්මික ගණේපොළ මහතා ඉහත දඬුවම දෙන ලෙස නියෝග කළේය.
(under the courtesy of nethfm news web)

Related posts

පස්සර ජාතික පාසැලේ කොවිඩ් ආසාදිත සිසුන් ගණන ඉහළට

Shiran Viraj

පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

Shiran Viraj

අද කොළඹ මාර්ග කිහිපයක් වැසෙයි

Shiran Viraj
Translate »