2026-09-04
mediahumanrights.lk
Local NewsNews

ලක්ෂ 66ක දුම්වැටි තොගයක් රේගු බාරයට

කොළඹ වරායේ නෞකාවක අලෙවි කිරීම සඳහා රහසිගතව සඟවා තිබූ දුම්වැටි එක් ලක්ෂ 33,980 ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වරාය පාලන අංශය බාරයට ගෙන තිබේ.
වියට්නාමයට අයත් නෞකාවක් තුළ රහසිගතව විදේශීය දුම්වැටි අලෙවි කරන බවට රේගුවට ලද බුද්ධි තොරතුරක් මත උපාය දූතයෙකු යොදවා සිදුකළ පරීක්ෂාවක් අනුව මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇති බව සඳහන් වෙයි.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 66 ලක්ෂ 99,000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
එම දුම්වැටි පිළිබඳව රේගුවට ප්‍රකාශ නොකිරීමේ වරදට අදාළ වියට්නාම නෞකාවේ කපිතාන්වරයාට රුපියල් ලක්ෂ 10 ක දඩ මුදලක් නියම කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

GotaGohome සටන දෙකඩ කරන්න සේනාධිපති කෝටි 10ක් දීලා.. මෙහයෙවන්නේ රෝහිත..- යුරේනි

Shiran Viraj

IPL තරගාවලිය යළි අවධානමක

Shiran Viraj

රුපියල ශක්තිමත් වුවද ජීවන වියදම අඩු වී නැති බවත් කුඩා ව්‍යාපාරිකයන් කඩා වැටී ඇති බවත් රවී කරුණානායක පවසයි

Shiran Viraj
Translate »