2026-08-20
mediahumanrights.lk
Local NewsNews

පරිගණක ඉංජිනේරු වෘත්තිය අතහැරි "සාරංග" බදුල්ලේ සමාහිත නමින් පැවිදි වෙයි

ලෞකික ජීවිතයේ සියල්ල හැර දමා උතුම් මහණ දම් පුරන්නට හිතෙන්නේ කීයෙන් කී දෙනාටද?
පසුගිය දවස්වල එහෙම උතුම් පැවිදි දිවිය ලබා ගත් තරුණ හිමිවරුන් කිහිපදෙනෙකු පිළිබඳ වෙබ් ගොසිප් අපි ඔබට නිරන්තරයෙන් කරුණු වාර්තා කළා.
අපි මේ කියන්න යන්නේ තවත් එහෙම කතාවක් ගැන.
බදුල්ල මධ්‍යම මහා විද්‍යාලයේ සිප් සතර හැදෑරූ නලින්ද සාරංග රත්නායක නමැති තරුණයෙකුත් මෙලෙස පැවිදි දිවියට පිවිසි පුවතක් අපට දැනගන්නට ලැබුණා.
සාරංග පාසල් ජීවිතයෙන් සමුගෙන පරිගණක ඉන්ජිනේරු වෘත්තීයට පිවිස ඒ හා සම්බන්ධ රැකියා රැසක් කළ අයෙකු අතර රුහුණු සරසවියේද වැඩිදුර අධ්‍යාපනය හදාරා තිබෙනවා.
බදුල්ල ප්‍රදේශයේ ජීවත් වූ මෙම තරුණයා ඒ සියල්ල අතහැර දමා ගාල්ල මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානයේදී පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේදී බදුල්ලේ සමාහිත නමින් පැවිදි දිවියට පිවිසියා.
මේ අවස්ථාවට උන්වහන්සේගේ නෑදෑ හිතමිතුරන් මෙන්ම බොහෝ පිරිසක් සහභාගී වී සිටියා.
(under the courtesy of adaderana news web)

Related posts

බෞද්ධ කොඩිය වෙනුවෙන් චක්‍රලේඛයක්

Shiran Viraj

ඡන්ද පත්‍රිකා බෙදු පියන්ට ගුටි අනී..

Shiran Viraj

ශ්‍රී ලංකා පිළ එක්දින ක්‍රිකට් පිටියේ පහළටම ඇද වැටෙයි

Shiran Viraj
Translate »