28.9 C
Colombo
2026-09-09
mediahumanrights.lk
NewsSportsSports News

ක්‍රිකට් සංදර්ශනයක් මවමින් තිසර පකිස්තානයට එලවා පහරදුන් හැටි මෙන්න

ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්තානය අතර දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 7 කින් ජයගැනීමට ලෝක ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 174 ක් රැස්කළා.
ලෝක කණ්ඩායම වෙනුවෙන් පන්දුයැවීමේ නිරත වූ තිසර පෙරේරා සහ S Badree කඩුලු 2 බැගින් දවාගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලෝක කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ ලකුණු 175 ක් රැස්කරමින් තරඟයේ ජයග්‍රහණය හිමිකරගත්තා.
එහිදී අවසාන පන්දුවාර 5ක් තුළ ලකුණු 63 ක් ලෝක කණ්ඩායමට ලබාගත යුතුව තිබුනා.
සිව්වන කඩුල්ලට පිටියට එක්වන තිසර පෙරේරාගේ වේගවත් ප්‍රහාරය සියල්ලන්ගේ දෑස් මවිත කළා.
ඔහු පන්දු 19 කදී ලකුණු 47 ක් රැස්කරන්නේ ජයග්‍රහණයේ බලාපොරොත්තුව පකිස්ථානයෙන් උදුරාගනිමින්.
එහිදී ඔහුගේ පිත්තෙන් පිටිය සිසාරා දැවැන්ත හයේ පහර 5 ක් එල්ලකලා.
ඒ වනවිටත් පිටියේ ආරක්ෂාකාරී ඉනිමක් ක්‍රීඩාකරමින් සිටි අම්ලා ලෝක කණ්ඩායමේ ජයග්‍රහණයේ අනෙක් නියමුවායි.
ඔහු පන්දු පන්දු 55 කදී ලකුණු 72 ක් රැසකරගත්තා.
ඒ හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින්.
ඊයේ රාත්‍රිය ක්‍රිකට් සංදර්ශනයක් කරමින් තරඟයේ වීරයා වූ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු තිසර පෙරේරාගේ ඉනිම ඇතුළු ලෝක කණ්ඩායමේ විශේෂ අවස්ථා පහතින්.
(under the courtesy of hirunews news web)

Related posts

හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…

Shiran Viraj

උසස් පෙල ටියුෂන් තහනමක්..

Shiran Viraj

ඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්න

Shiran Viraj
Translate »